සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වැලිසර නාවික සෙබළුන් 30 ට කොරෝනා ..

Podu Jana Peramunaවැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් 29 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී ඇතැයි යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. විශේෂ නිවේදනයක් කරමින් හමුදාපතිවරයා මේ බව සඳහන් කරන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික සෙබළෙක් නිවාඩු ගොස් සිටිය දී හදිසි රෝගී තත්ත්වයක් මත වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ(22) දිනයේ දී කොරෝනා ආසාදිතයෙක් බවට තහවුරු වී ඇත. ඒ අනුව එම සෙබළා ‍සේවය කළ වැලිසර නාවික හමුදා කඳවුරේ භට නිවාසය වහාම නිරෝධායනයට ලක් කර බවත් පළමු කොරෝනා ආසාදිත නාවික සෙබළා සිටි භට නිවාසයේ සියලු නාවික සෙබළුන් PCR පරීක්ෂණ සඳහා යොමු කළ අතර එහි ප්‍රතිඵල අනුව මේ වන විට පළමු කොරෝනා ආසාදිත නාවික සෙබළා ඇතුළු නාවික හමුදා සෙබළුන් 30 කට මේ වන විට කොරෝනා ආසාදනය වී ඇත. එම භට නිවාසයේ සිටි අනෙකුත් නාවික සෙබළුන් හා පළමු ආසාදිත නැවියා සේවය කළ අනෙකුත් කාර්යාලවල සිටි නාවිකයින් සියලු දෙනා මෙලෙස PCR පරීක්ෂණයට යොමු කර ඇති බවද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසන ලදී. පළමු ආසාදිත නාවික සෙබළා සිටි නාවික භට නිවාසයේ සෙබළෙකුගෙන් වෛරසය ආසාදනය වී ඇති බවත්, එම භටයා ඇතුළු අනෙකුත් නිලධාරීන් පසුගිය දිනවල දී  සුදුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පිරිස නිරෝධායනයට ලක් කිරීමේ දී මෙම නාවිකයින්ට වෛරසය ආසාදනය වි ඇතැයි තහවුරු වී ඇති බවද  යුද හමුදාපතිවරයා පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට