සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනා ව්‍යාප්තිය දේශපාලනීකරණය නොකොට ජනතාවට වහාම සහන සලසන්න, සමගි ජන බලවේගය ආණ්ඩුවට‍ අවධාරණය කරයි..

Podu Jana Peramunaමේ වනවිට මෙරට තුළින් වාර්තා වන කොරෝනා වෛරසය අසාදිත වූවන්ගේ ප්‍රමාණය 300 ද ඉක්මවා ඇති අතර ඉදිරියේදී එම ප්‍රමාණය තව තවත් ඉහළ යා හැකි බවත් මෙම තත්ත්වය හමුවේ ජනතාවට සහන ලබාදීමේ ක්රිරයාවලිය දේශපාලනීකරණය වුවහොත් රට මීටත් වඩා දැවැන්ත අර්බුදයකට ලක්විය හැකි බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ සමගි ජන බලවේගය විසින් අද (23) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී ඒ මහතා පහත පරිදි සිය අදහස් දක්වන ලදී.

රට තුළින් කොරෝනා වෛරසය තුරන් කිරීම උදෙසා කැපවන සියළු අංශයන්ට අප ස්තුතිවන්ත වනවා. අපි කොරෝනා වෛරසයෙහි පවතින බැරෑරුම්කම සම්බන්ධයෙන් ආණ්ඩුවට තරයේ කරුණු පැහැදිලි කළත් ආණ්ඩුව නිරෝධායන කටයුතු නිසි පරිදි සිදුනොකළ නිසාවෙනුත් සුදුසු තීරණ නිසි පරිදි නොගත් බැවිනුත් දැන්වන විට දැවැන්ත අර්බුද රැසකට මුහුණදීමට රටට සිදුවෙලා.

මේ වනවිට රට තුළ දැවැන්ත අවදානම් තත්ත්වයක් මෙන්ම ජනතාව කුසගින්නේ මියයන තත්ත්වයක් පවා ඇතිවෙමින් පවතිනවා. ඇතිව තිබෙන වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට ආණ්ඩුව විසින් ගත් ක්‍රියාමාර්ග ඉතා දුර්වල තත්ත්වයේ පවතින්නේ. හමුදාව සහ සෞඛ්‍ය අංශ බිල්ලට දීලා රට තුළ යුද මානසිකත්වයක් ඇතිකරමින් කුසගින්න ඉවසාගෙන සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. පවතින තත්ත්වය හමුවේ විවිධ සහන ලබාදෙන බව ආණ්ඩුව පැවසුවත් එම සහන ලබාදීම නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නෑ. විවිධ අංශයන් වෙතින් කෝටි 23000 ක පමණ මුදල් ප්‍රමාණයක් ආණ්ඩුවට ලැබිලා තිබෙන්නේ ජනතාවට සහන ලබාදෙන්න. කලින් පුරුදු විදියට මේ මුදල් යටිමඩි ගසන්න ආණ්ඩුවේ පිරිස් කටයුතු කරාවි යන සැකය මතුවෙලා දැන්.

බැසිල් රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරියෙකු නොවෙයි. ජනතාවට සහන ලබාදීම රාජ්‍ය නිලධාරීන් හරහා සිදුකළ යුතු වුවත් එසේ නොකිරීම පිළිබඳ දැඩි විරෝධය පළකරනවා. කිසිදු වැටුපක් හෝ දීමනාවක් ලබානොගෙන ආණ්ඩුවට අවශ්‍ය සහය ලබාදීමට සමඟි ජන බලවේගය ලෙස අප සූදානම්. ඒ අනුව මැතිවරණයක් පැවැත්වීමට ඇති වුවමනාව කුමක්දැයි ආණ්ඩුවෙන් විමසා සිටිනවා.

දේශපාලනයෙන්ම සියළු දේ ලබාගෙන ආණ්ඩුව තුළ කටයුතු කරන ඇතැම් පිරිස් යළිත් එම පුරුද්ද ඉදිරියට ගෙනයාම සඳහා මැතිවරණය භාවිතා කිරීමට උත්සහ කරන ආකාරයක් පෙනීයනවා. රට තුළ උද්ගතව ඇති ඕනෑම තත්ත්වයක් මත මැතිවරණයක් පවත්වන්නැයි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යන දෙදෙනාම මැතිවරණ කොමිෂන් සභාවට බලපෑම් එල්ලකරලා. ලබන ජූනි මස 02 වනදායින් පසුව මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට කිසිදු බලයක් නෑ. එතුමා එවැන්නක් කළේ කා වෙනුවෙන්දැයි සැකයක් මතුවෙනවා.

වෛරසය ආසාදනය නොවන ආකාරයට මැතිවරණය පැවැත්වීමට ජනතාව සහ නිලධාරීන් කටයුතු කළයුතු යැයි නාමල් රාජපක්ෂ මහතා විසින් පවසලා තිබුනා. මෙවැනි පහත් ආකාරයට කටයුතු කරන්න එපා කියන ඉල්ලීම අපි කරනවා.

වෛරස් තත්ත්වය රට තුළින් පූර්ණ ලෙස ඉවත්කර ඇති බවට සෞඛ්‍ය අංශ විසින් සහතික කරනවා නම් ඕනෑම දිනයකදී මැතිවරණයකට මුහුණදීමට සූදානම්. නමුත් එසේ නොකොට පොහොට්ටුව, මිනී පෙට්ටිවල ලකුණ බවට පත්කර නොගන්නැයි ඉල්ලා සිටිනවා. දේශපාලන බලවතුන්ට ඇති හිතවත්කම හමුවේ ව්‍යාජ ලෙස සහතික කර මැතිවරණයක් පැවැත්වීමට සුදුසු තත්ත්වයක් රට තුළ පවතින්නේ යැයි පැවසුවහොත් එම නිලධාරින්ට ඇතුළු පිරිස්වලට එරෙහිව නීතිමට ක්‍රියාමාර්ග ගන්නවා. ජනතාවගේ ජීවිත, සිය පුද්ගලික සුඛ විහරණය සඳහා යොදානොගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ජනතාව වෙනුවෙන් පෙනීසිටීමට අප සැමවිටම කටයුතු කරනවා. ජූනි 02 වනදායින් පසු පාර්ලිමේන්තු කැඳවීමට කථානායකවරයාට හැකියි. ඒ වනවිට ජනතාවට සහන සැලසීම සඳහා ලැබී ඇති මුදල් ආණ්ඩුව විසින් යටිමඩි ගැසීමට කටයුතු කර තිබුනොත් ඒ ගැන තොරතුරු ඉදිරිපත් කර ජනතාවට එම සහන නිසි පරිදි හිමිකරදීමට නොපැකිළව ඉදිරිපත් වෙනවා. ජනතාවට මේ වනවිට කිසිසේත්ම මැතිවරණයක් අවශ්‍ය වී නෑ.

ජනතාව ජීවත් කරවීමේ ක්‍රියාවලිය රජය විසින් දියත් කළයුතුයි. පාලන බලයේ සිටියේ නම් මෙවැනි උවදුරකදී කටයුතු කළයුතු ආකාරය සමඟි ජන බලවේගය හොඳින් දන්නවා. ඒ අනුව ජනතාව වෙනුවෙන් නිසි කළමණාකරනයකින් කටයුතු කරනවා. දේශපාලනය පසෙකලා ජනතාව වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරන්නැයි ආණ්ඩුවට අවධාරණය කරනවා.

කොරෝනා වෛරසය මෙරටින් සම්පූර්ණයෙන් තුරන් කරන බවට දිනයක් නියම කිරිමට පවා මෙරට සෞඛ්‍ය අමාත්‍යවරිය කටයුතු කරලා. විද්‍යානුකූල පදනමකින් තොරව මෙවැනි කටයුතු සිදු නොකරන්නැයි එතුමියගෙන් ඉල්ලා සිටිනවා. මේ වනවිට කොරෝනා වෛරසයට දේශපාලනය ගෑවී තිබෙනවා. ඇඳිරි නීතිය පනවන ලද දිනයට වඩා භයානක තත්ත්වයක් අද වනවිට රට තුළ ඇතිවී තිබෙනවා. නිසි විද්‍යායනුකූල පදනමකින් යුතුව කටයුතු කරන්නැයි ආණ්ඩුවට අවධාරණය කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතා බොර දියේ මාළු බෑමට ඉතා දක්ෂයෙක්. පසුගිය දිනෙක ඒ මහතා සිය අදහස් දක්වන ලද ආකාරයට අනුව බැලුවොත් ඔහු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාදැයි යන සැකය පවා මතුවෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා සහ රාජපක්ෂවරුන් අතර පවතින සම්බන්ධය කෙබඳුදැයි ජනතාව හොඳින් දන්නවා. රටේ ඇතිව තිබෙන තත්ත්වය හමුවේ බිඳවැටී ඇති කර්මාන්ත ගොඩනැංවීමට කිසිදු අවධානයක් යොමුකර නොමැති ආණ්ඩුවේ පිරිස් සිය අවධානය යොමුකරන්නේ දේශපාලනයට පමණයි.

මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගිවූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ද පහත පරිදි සිය අදහස් පළකර සිටියේය.

මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය පැවැත්වීමට නව දිනයක් ප්‍රකාශ කිරීම ගැන අපි අපේ දැඩි විරෝධය පළකළා. මැතිවරණය පිළිබඳ අර්බුදය විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයාට ලිපියක් යොමුකළා. එවැන්නක් අවශ්‍ය නොවන බව මෙන්ම මැතිවරණය පැවැත්වීමට දිනයක් තීරණය කරන්නැයි ව්‍යංගයෙන් සඳහන් කරමින් ජනාධිපතිවරයා එම ලිපියට පිළිතුරු එවා තිබුනා. අග්‍රාමාත්‍යවරයාත් යම් ආකාරයකින් මැතිවරණ කොමිෂන් සභාවට තර්ජනාත්මක ලෙසත් චෝදනා ස්වරූපයෙනුත් ලිපියක් යොමුකරලා. අවස්ථාවාදීව ආණ්ඩුවේ වුවමනාවන්, මැතිවරණ කොමිෂන් සභාව හරහා ඉටුකරගැනීමේ පියවරක් ලෙස මෙම තත්ත්වය හැඳින්විය හැකියි. ඒ අනුව මෙම තීරණය හරහා රට තුළ ව්‍යවස්ථාපිත අර්බුදයක් ඇතිවන නමුත් එදෙස නොබලා සිය ස්ථාවරයට විරුද්ධව මැතිවරණය පැවැත්වීමට නව දිනයක් නියම කිරීමින් මැතිවරණ කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන වගන්තියේ 03 වන උප වගන්තියට පටහැනිව කටයුතු කරලා තිබෙනවා. ජූනි 02 වනදායින් ඔබ්බට එනම් ජූනි 20 වනදා මැතිවරණයට නව දිනයක් නියම කිරීමෙන් අනිවාර්යයෙන්ම විශාල ලෙස ව්‍යවස්ථාව උල්ලංඝණය වනවා. රට තුළ වසංගත තත්ත්වයක් ඇතිව තිබියදී පවා සෞඛ්‍ය අංශයන්හි උපදෙස් නොසලකා මැතිවරණ කොමිෂන් සභාව විසින් ගන්නා ලද මෙම තීරණය දැඩිව හෙළා දකිනවා. ජූනි මස 02 වනදායින් ඔබ්බට පාර්ලිමේන්තුව නොකැඳවා අඛණ්ඩව රට තුළ ආඥාදායකත්වයක් පවත්වාගෙන යාම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයාට අවශ්‍ය අවස්ථාව ලබාදීලා තිබෙන බව පැහැදිලියි. අපි එය පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා. මෙම නව මැතිවරණ දිනය හකුළා ගතයුතු බව ආණ්ඩුවට අවධාරණය කරනවා. නමුත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටිනවා. ඒ අනුව සාධාරණ මැතිවරණයක් පවැත්වීමට සුදුසු වාතාවරණයක් රට තුළ ඇතිව තිබෙන බවක් විශ්වාස කළ නොහැකියි. මැතිවරණ කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් සිදුකරන බවක් පෙනෙන්නේ නෑ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ස්වාධීනව ඉදිරිපත්ව මේ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන නමුත් එසේ නොවුනහොත් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් රට තුළ ඇතිකිරීමට කටයුතු කළ සියළුදෙනාටම බරපතල අසාධාරණයක් සිදුවනවා. රට තුළ උද්ගතව තිබෙන වසංගත තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානියා ලෙස බැසිල් රාජපක්ෂ මහතා පත්කිරීම, සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවන සහ ඊට පටහැනි කාර්යයක්. මේ සම්බන්ධයෙන් විමසූ විට බැසිල් රාජපක්ෂ මහතා අදාළ පක්ෂයේ තනතුරු වලින් මේ වනවිට ඉවත්වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පසුගිය දිනෙක පවසා තිබුනා. නමුත් නාමයෝජනා භාරදීමේදී ඒ මහතා පක්ෂයේ අදාළ තනතුරුවල රැඳී සිටියා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට