මුහුද රළුවීමේ සහ තද සුළං ඇතිවීමේ අවදානමක්, අවධානයෙන් පසුවන්නැයි කාලගුණ දෙපාර්ත්මේන්තුව ඉල්ලයි..
දිවයින අවට මුහුදු ප්‍රදේශය රළ ක්ෂණිකව රළු වීමට මෙන්ම එම ප්‍රදේශ ආශ්‍රිතව තද සුළං ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බැවින් ධීවර ප්‍රජාව සහ නාවිකයින් දැඩි අවධානයෙන් පසුවිය යුතු යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු හේතුවෙන් මෙවැනි තත්ත්වය ඇති වන බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.