සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය ලිහිල් ‍වේ ..

Podu Jana Peramunaකොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය අද (04) අළුයම 05.00ට ඉවත් කිරීමට නියමිතව ඇත.අද රාත්‍රි 08.00ට ඇඳිරි නීතිය පනවන අතර මැයි 06 වන බදාදා තෙක් රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.  මැයි 06 වන බදාදා රාත්‍රී  08.00ට ඇඳිරි නීතිය පැනවිමෙන් පසු එම දිස්ත්‍රික්කවලට මැයි 11 වන සඳුදා අළුයම 05.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මැයි 11 වනදා තෙක් ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. 11 වනදා සිට එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජිවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස්වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව රජය දැනුම් දී ඇත. ඇඳිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස්වලින් බැහැර යෑමට මෙය කිසිසේත් අදාළ නොවන බවට වැඩිදුරටත් සඳහන් වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට