පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක් ..
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන් අද(04) අරලියගහ මන්දිරයට කැඳවා ඇත. වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම කැදවීම සිදුකර ඇති බව වාර්තා වේ. අද පෙරවරු 10.00 ට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස හිටපු මන්ත්‍රීවරුන් වෙත දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. කෙසේවෙතත් මෙම සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව දේශපාලන පක්ෂ කිහිපයක් මේ වන විටත් දැනුම් දී ඇත. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය මෙම සාකච්ඡාවට සහභාගී නොවන බව වාර්තා වේ.