සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ ..

Podu Jana Peramunaජාතික වෙසක් සතිය අදින් (04) ආරම්භ වීමට නියමිතව ඇති අතර ඒ අනුව අද දිනයේ සිට එළඹෙන 08 වනදා දක්වා ජාතික වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කරයි.මෙහි ජාතික උත්සවය හොරණ ගෝනපල ඔලබොඩුව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව ඇත. කෙසේවෙතත් පවතින වෛරස් රෝග තත්ත්වය හමුවේ සීමිත පිරිසක් මෙම ජාතික උත්සවය සඳහා එක්කර ගැනිමට නියමිත බව බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කරයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, සෑම බෞද්ධ නිවසකම බෞද්ධ කොඩියක් එසවීමට අද සිට කටයුතු කරන ලෙසයි. මේ අතර මෙවර වෙසක් උත්සවය සැමරීමේ දී ජනතාව විසින් අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇත ඒ අනුව රටේ උද්ගතව ඇති කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තියෙන් ජනතාව ආරක්ෂා කරගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම උපදෙස් මාලාව ඉදිරිපත් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට