සත්‍යයේ පුවත් අඩහැරය….

සම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයි ..

Podu Jana Peramunaසම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදට (07) යෙදී ඇති අතර ශ්‍රී ලංකාවාසී සැදැහැවත් ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරතවෙමින් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සෑම වසරකම වෙසක් සැමරීම සිදු කරනු ලබයි. එහෙත් මෙවර කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් ආගමික කටයුතු නිවෙස්වලට පමණක් සීමා කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. පසුගිය 04 වන දින සිට ජාතික වෙසක් සතියක් ප්‍රකාශයට පත් කිරිමට රජය පියවර ගත් අතර රාජ්‍ය වෙසක් දින සැමරුම ඊයේ පෙරවරුවේ අරලියගහ මන්දීරයේදී පවත්වන ලදී. ආරෝග්‍යා පරමාලා ලාභා සංතුෂ්ටින් පරමං දනං යන තේමාව යටතේ මෙවර රාජ්‍ය වෙසක් දින සැමරුම් උත්සවය සිදු වූ අතර වෙසක් උත්සවයට සමගාමීව මුද්දර 04ක් සහ මුල්දින කවර 02ක් එළිදැක්වීම සිදු කර ඇත.සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙවර වෙසක් සැමරුම අර්ථාන්විතව සිදු කරන ලෙස මහා සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. වෙසක් දින සැමරුම පිළිබඳව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමි මෙලෙස අනුශාසනා කරන ලදි. අද දිනයේ සිය නිවස පුදබිමක් බවට පත් කර ගත යුතුව ඇති බව ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි සදහන් කළ අතර වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් දන්සල් හා තොරණ ආදිය මෙවර සංවිධානය කිරිමෙන් වලකින ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දී ඇත. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ මෙම දින කිහිපය තුළ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට