සත්‍යයේ පුවත් අඩහැරය….

රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට සහන කාලයක්..

Podu Jana Peramunaකල් ඉකුත්ව තිබෙන රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට අද (11) සිට මැයි 29 වනදා දක්වා තෙක් අතිරේක සහන කාලය ලබාදී ඇති බව වාර්තා වේ. තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ සියළුම තැපැල් කාර්යාල සමාන්‍ය රජකාරි කටයුතු සඳහා අද සිට විවෘතව ඇති බැවින් අදාළ ගෙවීම් ගැටළුවකින් තොරව සිදුකළ හැකි බවයි. කෙසේ වෙතත් අඛණ්ඩව ඇඳිරි නිතිය ක්‍රියාත්මක වූ බස්නාහිර පළාත, පුත්තලම දිස්ත්‍රික්කය ඇතුළු හුදකාල කරන ලද ඇතැම් ප්‍රදේශයන්හි ජනතාවට දඩ පත්‍රිකා ගෙවීමට නොහැකිවීම නිසා ඉහත තීරණය ගෙන ඇති බව ද තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි. ඒ අනුව පසුගිය මාර්තු 01 වන දා හෝ ඊට පසු නිකුත් කරන ලද දඩ පත්‍රිකා සඳහා අතිරේක දඩ මුදල් රහිතව මෙන්ම පෙබරවාරි මස 16 වන දින සිට පෙබරවාරි මස 29 වන දින දක්වා නිකුත් කරන ලද දඩ පත්‍රිකා සම්මත දඩ ගාස්තුව සහිතව ද ගෙවීම් කළයුතු වන බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට