මැතිවරණ කොමිෂන් සභාව අද විශේෂ සාකච්ඡාවක..
ඉදිරි මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමේ අරමුණින් මැතිවරණ කොමිෂන් සභාව අද (11) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග පවසා සිටියි. එමෙන්ම මෙරට සියළු දේශපාලන පක්ෂ නියෝජිතයින් ද හෙට (12) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව ද වාර්තා වේ. එහිදී ඉදිරි මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නියමිතව ඇත.