සත්‍යයේ පුවත් අඩහැරය….

සජිත් ප්‍රේමදාස මහතා සහ බ්‍රිතාන්‍යය මහකොමසාරිස්වරිය අතර හමුවක්…

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහකොමසාරිස් සේරා හල්ටන් මහත්මිය සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (15) විපක්ෂ නායක කාර්‍යාලයේ දී සිදුවිය. මේ වනවිට මෙරට ජනතාව විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන බවත් ඔවුන්ගේ මූල්‍ය ශක්තිය වර්ධනය කිරීමට බ්‍රිතාන්‍යයේ සහය ලබාදෙන ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම සාකච්එඡාවේදි එතුමියගෙන් ඉල්ලා ඇත. බොහෝ රටවල් රාජ්‍ය මුදල් උත්තේජන පැකේජයක් ලෙස දල දේශීය නිෂ්පාදනයෙන් විශාල ප්‍රතිශතයක් වෙන් කොට ඇති බවත්, ඉන්දියාව 10%,දකුණු කොරියාව 5%,ජපානය21%,ඕස්ට්‍රලියාව 9%,ජර්මනිය 4.9%,අමෙරිකාව 11 %,සිංගප්පූරුව 13%ආදී ලෙස දල දේශීය නිශ්පාදිතයෙන් වෙන්කොට තිබියදී ශ්‍රී ලංකාව වෙන්කොට ඇත්තේ .006% පමණක් බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී පෙන්වා දී ඇත.

බ්‍රිතාන්‍යයේ රැකියා ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය තවත් මාස 4කට දිගු කිරීමට එරට මුදල් අමාත්‍යවරයා කටයුතු කර ඇති බවත්, 80%ක වැටුප ඒ දක්වාම ගෙවීමට එරට රජය කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය විය.එම අවස්ථාවේදි වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා විසින් බොහෝ රටවල් තම ජනතාව  වෙනුවෙන් සුබසාධන සහ ආරක්ෂා සලසා තිබෙන අතර ඒ අනුව කටයුතු කරමින් මෙරට රජය රුපියල් 5000 ක දීමනාවක් පමණක් සහන සලසා ඇති බවත් එම නිසා බ්‍රිතාන්‍යයේ  අවධානය යොමුකොට එක් පවුලක් සඳහා රුපියල් 20000 ක් පමණ ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරියගෙන් ඉල්ලා ඇති බව සඳහන්.

තවද වගකිවයුතු විපක්ෂයක් ලෙස සිය උපරිම දායකත්වය රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන බව ද හිටපු විපක්ෂ නායකවරයා මෙහිදි අවධාරණය කර ඇත.

98172971_262206138262761_2359060132207263744_n



 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට