මනාප අංක ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම හෙට රැස්වේ…
ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම පිළිබඳව තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිසම හෙට (20) දිනයේ යළි රැස්වීමට නියමිතව ඇත. මැතිවරණ කොමිසම මීට පෙර අවස්ථා කිහිපයකදීම මනාප අංක ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කලද එය අසාර්ථක විය. මෙහිදී ඡන්ද විමසීමේ දිනය දීර්ඝ කිරීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සමාජිකයකු සදහන් කලේය.