කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 1027 ක් දක්වා ඉහළට..
මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ ප්‍රමාණය 1027 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.ඒ අනුව ඊයේ (19) දිනය තුළදී පමණක් වෛරසය ආසාදිත වූවන් 35 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 29 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. ආසාදිතයින් 569 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් පුද්ගලයින් 445 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වේ.