සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුවේ අරමුණු රට මිලිටරි පාලනයකට යටත් කිරීමයි – සමගි ජන බලවේගය

Podu Jana Peramunaපවතින පාලන ක්‍රමයේ වෙනසක් ඇතිවනු ඇතැයි බලාපොරොත්තුව ඇතිව වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙනඒමට ජනතාව කටයුතු කළ ද අවාසනාවකට මෙන් එම වෙනස වෙනුවට එම පාලන ක්‍රමවේදය මතට තමන්ට හිතවත්, සේවයේ යෙදීසිටි මෙන්ම සේවයේ සිටින මිලිටරි පිරිස් පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. නීතීඥ ශිරාල් ලක්තිලක මහතා විසින් මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී ශිරාල් ලක්තිලක මහතා පහක පරිදි සිය අදහස් පළකරන ලදී.

ගොවීන්ට නිසි පිරිදි පොහොර ලබාදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත්ව සිටියත් අවශ්‍ය තරම් පොහොර පවතින බව ආණ්ඩුව පවසනවා. පොහොර ඉල්ලා විරෝධතා පවත්වන්නේ පිස්සුවකටදැයි ගොවීන් විමසනවා. මොකක්ද මේ සිදුවන්නේ. අලි මිනිස් ගැටුම විසඳීම සඳහා විදුලි වැටවල් පිළිසකරකිරීම වෙනුවෙන් බලධාරීන් මැදිහත්වීමක් වන්නේ නෑ. කොරෝනා නැමැති සුනාමිය හරහා වැටුප් සහ අතිකාල දීමනා කප්පාදු කිරීමට ආණ්ඩුව කටයුතු කරලා.

පුද්ගලික අංශයේ සේවකයින් විශාල පිරිසකටත් රැකියා අහිමිවීමේ අවදානමක් මතුවෙලා දැන්. නමුත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ගන්නා පියවරක් ගැන පෙන්න නෑ. නමුත් භාණ්ඩ මිල දිනෙන් දිනම ඉහළ යමින් තිබෙනවා. ආණ්ඩුව සිය මිලිටරි ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පිඹුරුපත් සකස්කරමින් සිටිනවා. ජනතාවගේ දුක සන්නිවේදනය හා සංවේදනය නොවන නිසා මිලිටරි මානසිකත්වයක් සහිත පාලකයින්ට ජනතාව ගැන කිසිදු හැඟීමක් නෑ. මේ ගැන පුදුමයක් නෑ අපට.

කොවිඩ් නිවාරණ වැඩපිළිවෙළක් යටතේ නුදුරේදීම මැතිවරණය පැවැත්වෙන බව වාර්තා වනවා. සෞඛ්‍ය සේවාවේ නිලධාරීන් 10000 ක් ඡන්ද මධ්‍යස්ථාන වලට අනුයුක්ත කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇති අතර සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම බුද්ධි නිලධාරියෙකු ද යොදවන බවකුත් සඳහන් වනවා. මීට දැඩි විරෝධය පළකරනවා. මෙවැනි තීරණයක් ක්‍රියාත්මක කිරීමේ යටි අරමුණ කුමක්දැයි විමසා සිටිනවා. මෙමඟින් නිදහසේ ඡන්දය ලබාදීමේ පරිසරය ඉවත්වනවා. මෙය ජනතා ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත පහරක්. එය මිලිටරිකරණයට යටත් කිරීමක්.

රටේ විනය ආරක්ෂා කිරීම, දැහැමි සමාජයක් හා නීතිගරුක සමජයක් ඇතිකිරීමට යැයි පවසමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් පසුගියදා ස්ථාපිත කළ ඉහළ මිලිටරි මණ්ඩලයේ සිටින 13 දෙනා අතරින් 06 දෙනෙකු බුද්ධි නිලධාරීන්. මෙය රට බුද්ධි රාජ්‍යයක් බවට පත්කිරීමේ තීරණයක්දැයි සැකසහිතයි.

මෙම මාධ්‍ය හමුව සඳහා සමඟි ජන බලවේගයේ සාමාජික ඉනෝකා සත්‍යාංගනී මහත්මිය ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට