සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුව ජනතාව මත බර පැටවීමේ න්‍යායක් ක්‍රියාත්මක කරමින් සිටිනවා – එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක

Podu Jana Peramunaප්‍රජාතන්ත්‍රවාදය පෙන්වමින් ඉදිරි මැතිවරණයේදී ආණ්ඩුව ඒකාධිපතිභාවයක් කරා ගමන්කිරීමේ අවස්ථාවක් තිබෙන බවත් එවැන්නකට කිසිසේත්ම එකඟ නොවන බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම ආණ්ඩුවේ වගකීමක් වන බවත් සමඟි ජන බලවේගය අවධාරණය කර සිටියි. අද (08) පිටකෝට්ටේ පිහිටි සමඟි ජන බලවේගය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී තිස්ස අත්තනායක මහතා පහත පරිදි සිය අදහස් ප්‍රකාශ කරන ලදී.

මැතිවරණයක් පැවැත්වීමට සුදුසු පරිසරය සකස්කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලබාදී ඇති වගකීම මෙන්ම මැතිවරණ කොමිෂන් සභාව සිය කාර්යය ද නිසිලෙස ඉටුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි මැතිවරණය අපක්ෂාපාති ලෙස පවත්වනු ඇතැයි රටම බලාපොරොත්තු වනවා.

ජනතාවාදී කම්කරු පෙරමුණ, සමඟි ජන බලවේගයට සහය දීමට තීරණය කරලා තිබෙනවා. එහි ලේකම් නාත් ගමගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටිනවා.

2019 වසරේ මාර්තු මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 14 වන සැසිවාරයට ඉදිරිපත් කරන ලද ණය සහන සහ මානව හිමිකම් විශේෂඥ වාර්තාව පසුගිය දා එළිදැක්වුනා. ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් ලක්ෂ 28 කට වැඩි පිරිසක් මෙරට තුළ සිටින බවටත් ඉන් 75% ක පමණ පිරිසක් කාන්තාවන් බවටත් බහුතරයක් වැන්දඹු කාන්තාවක් බවටත් එම වාර්තාව තුළ සඳහන් වනවා. ණය ගෙවාගැනීමට නොහැකිවීම නිසා 200 ක පමණ පිරිසක් සියදිවි නසාගෙන ඇති බවත් එහි සඳහන්. මෙමගින් පෙන්වන්නේ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් උද්ගතව තිබෙන අනතුරුදායක තත්ත්වයයි. මෙරට දරිද්‍රතාවය සහ සමාජයේ දෙදරීම පිළිබිඹු වනවා මෙමඟින්.

තැන්පතුකරුවන්, ඉන් යැපෙන්නන් මෙන්ම එම ආයතනයන්හි සේවකයින් ආරක්ෂා කිරීමේ වගකීමෙන් මහබැංකුව, ආණ්ඩුව මෙන්ම මුදල් අමාත්‍යංශය බැහැරව තිබෙන නිසයි මෙවැනි තත්ත්වයත් උද්ගතව තිබෙන්නේ. මෙම තත්ත්වය හමුවේ රටේ මූල්‍ය අංශය කඩාවැටී ආර්ථිකයද දැවැන්ත පසුබැමකට ලක්වීමේ අවදානමක් මතුව තිබෙනවා. මේ අනුව රට බරපතල ණය උගුලකට ලක්වෙමින් තිබෙන බවත් බලවත් රටවල් විසින් මෙරට ණය උගුලට හසුකර හමාර බවත් මෙරට ජාතික සම්පත් ඒ රටවලට පැවරීම හෝ පවරාගැනීම සිදුවනු ඇති බවත් ඉහත වාර්තාව තුළ සඳහන්ව තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා ආණ්ඩුව විසින් ගන්නා ලද පියවර පිළිබඳ සෑහීමකට පත්විය නොහැකියි. සීනි, පරිප්පු, පාන් පිටි, සහල් ඇතුළු භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. ආණ්ඩුව ජනතාව මත බර පැටවීමේ න්‍යායක් ක්‍රියාත්මක කරලා. ඉන්ධන මිල සහනය ජනතාවට ලබානොදී ආණ්ඩුව මුදල් උපයමින් සිටිනවා. ජනතාවට දැනෙන සහනයක් ලබාදීමට හෝ නිසිලෙස රට පාලනය කිරීමට අසමත් ආණ්ඩුවක් බවට වත්මන් ආණ්ඩුව පත්වෙලා.

මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා ද පහත පරිදි සිය අදහස් පළකරන ලදී.

පැවති ආණ්ඩුවේ තමන්ට අයත්ව තිබූ අමාත්‍යංශය විසින් හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පිහිටුවීමට කටයුතු කරන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අයත් තාක්ෂයණ පීඨය අද දින විවෘත කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු යොදා තිබෙනවා. මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක මෙවැනි විවෘතකිරීමක් සිදුකිරීම පිළිබඳ පැමිණිලි කළත් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ගයක් ගත්බවට මෙතෙක් අනාවරණය වී නැහැ.

මෙම තාක්ෂණ පීඨය ඇතුළු කොළඹ සහ මොරටු විශ්වවිද්‍යාලයන්හි තාක්ෂණ පීඨ, ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන පර්යේෂණ ආයතනය, ආතර් සී. ක්ලාක් මාධ්‍යස්ථානයට අයත් ප්‍රධාන චන්ද්‍රිකා තාක්ෂණ ආයතනය ඇතුළු ආයතන රැසක් ඉදිකිරීම සඳහා පැවති ආණ්ඩුව විසින් එක් දිනයකදීම මුල්ගල් තැබීමට කටයුතු කළා. නමුත් ඒවාට විරුද්ධව කටයුතු කළ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවම අද ඒවා විවෘත කරමින් සිටිනවා. මෙය ලැජ්ජා සහගත සහ නින්දාසහගත කාර්යයන්.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට