සත්‍යයේ පුවත් අඩහැරය….

“සමගි ජන බලවේගය” විනාශ කිරීමේ වොයිස්කට් නාටකය පාලනය කිරීමට පියවර ගන්න, මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි 02 ක්..

Podu Jana Peramuna“සමගි ජන බලවේගය” විනාශ කිරීමේ වොයිස්කට් නාටකය පාලනය කිරීම සදහා පියවර ගන්නැයි ඉල්ලා සිටිමින් එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මැතිවරණයක් ප්‍රකාශ කර ඇති මේ මොහොතේ ඊනියා ජනාධිපති විමර්ශන කොමිෂන් සභා විසින් “වොයිස් කට්” ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් සිටින බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

අදාළ පැමිණිල්ල පහත දක්වා ඇත.

ජනාධිතිවරණ විමර්ශන කොමිෂන් සභා දෙකක් සඳහා දෛනිකව ජාතික ජනමාධ්‍ය ආයතන විකාශ 06 ක් හෝ ඊට වැඩි කාලයක් මේ වන විටත් ප්‍රචාරය ලබාදෙමින් ඇත. ජනාධිපති කොමිසන් සභා වෙත පැමිණෙන චූදිතයින්, දේශපාලඥයින්, ආධාරකරුවන්, නරඹන්නන් විසින් අදාළ පරිශ්‍රයේ සිට වොයිස් කට් මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටියි. සමගි ජන බලවේගයේ අපේක්ෂකයින් සහ එහි ප්‍රතිපත්ති ඉලක්ක කරමින් මෙම ඊනියා වොයිස් කට් මෙහෙයුම සිදුවේ.

කොමිෂන් සභාවේ කටයුතු වලට කිසිදු සම්බන්ධයක් නොමැති කරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙස තිර පිටපතට නගා තිබේ. මැතිවරණ සමයේ දී ගංඟාවලින් නයි මතුවීම, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ “කටුවෙන් අනින නංගිගේ කථාව” ට නොදෙවැනි ජනමාධ්‍ය රංගනයක් ලෙස ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වොයිස් කට් නාටකය දිගැදෙමින් ඇත.

මැතිවරණ කොමිසම සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ අනෙකුත් සියළු පක්ෂවලට බැනරයක් ප්‍රදර්ශනය කර ගත නොහැකි පරිසරයක් ගොඩ නගා ඇත. රාජ්‍ය සේවකයින්ට ෆේස්බුක් තුළ අදහස් දැක්වීම වැලැක්වීම සදහා විනය පරීක්ෂණ භීතියක් මතුපිටට ගෙන තිබේ. විපක්ෂයේ කණ්ඩායමක කකුල් කඩා සමබිමක තරඟයක් ලෙස මහා මැතිවරණයක් පැවැත්විය නොහැකිය. නමුත් ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ගුවන්විදුලි සංස්ථාව, ලේක් හවුස් හා පුද්ගලික නාලිකා කිහිපයක් ද, සමාජ මාධ්‍ය ද උපයෝගී කරගනිමින් මේ වන විට සිදු වෙමින් ඇත්තේ ඒ අසම තරග බිම නිර්මාණය කිරීමයි. එබැවින්, ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කටයුතු ජනමාධ්‍ය ආවරණයන්ගෙන් “සමගි ජන බලවේගය” විනාශ කිරීමේ වොයිස්කට් නාටකය පාලනය කිරීම සදහා පියවර ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාවෙන් කාරුණිකව ඉල්ලමි. මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු සිදුකිරීමේදී සමගි ජන බලවේගයට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව පෙන්වාදෙමින් තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සමගි ජන බලවේගයේ අපේක්ෂකයින්ගේ කාර්යාලවල පමණක් නොව පාරම්පරිකව පදිංචි වී සිටින නිවසේවල පවා ඇති බැනර්, කටවුට් මැතිවරණ කොමිෂන් සභාවේ උපදේස් පරිදි යැයි සඳහන් කරමින් ඉවත් කිරීමේ කටයුතු සිදුවන නමුත් එම දිස්ත්‍රික්ක තුළ එම ආසනයේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ බැනර්, කටවුට් පක්ෂ කාර්යාලයේ මෙන්ම නගර මධ්‍යයේ ද ප්‍රදර්ශනය කිරීම සිදුවන බව එම පැමිණිල්ල තුළි සඳහන් කර ඇත.

මෙම තත්ත්වය තුළ විපක්‍ෂ ප්‍රධාන දේශපාලන පක්ෂ අපේක්ෂකයින්ට අතිශයින් අවාසියක් සිදුවන බවත් කුරුණෑගල, මාතලේ (දඹුල්ල), අනුරාධපුර, හම්බන්තොට, පුත්තලම, රත්නපුර වැනි දිස්ත්‍රික්ක තුළ මෙම තත්ත්වය බහුල වශයෙන් දක්නට ලැබෙන බවත් පැමිණිල්ලෙහි වඩිදුරටත් සඳහන් කර ඇත. මෙම ක්‍රියාව නැවැත්වීමට මැතිවරණ කොමිසම වහාම පියවර ගතයුතු බව ද සඳහන් කරමින් මෙම පැමිණිල්ල සිදු කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට