සත්‍යයේ පුවත් අඩහැරය….

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා කළ බවට සජිත් ප්‍රේමදාස මහතාට එල්ල චෝදනා පදනම් විරහිතයි – ත්‍රෛනිකායික එක්සත් සඟ පෙරමුණ

Podu Jana Peramunaමධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා කළ බවට සජිත් ප්‍රේමදාස මහතාට එල්ලවන චෝදනා සියල්ල පදනම් විරහිත බවත් එතුමා තරම් මෙරට සංස්කෘතිය රැකගැනීම වෙනුවෙන් කටයුතු කළ අන් කවරෙකුවත් නොමැති බවත් ත්‍රෛනිකායික එක්සත් සඟ පෙරමුණ අවධාරණය කර සිටියි. කැස්බෑව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද හිමියන් විසින් මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (03) කොළඹ, සමගි ජන බලවේගයේ කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද හිමියන් පහත පරිදි සිය අදහස් පළකරන ලදී.

සංස්කෘතික අමාත්‍යධූරයට පත්වීමෙන් පසු ගතවූ මාස දහයක් වැනි ඉතා කෙටි කාලය තුළ සජිත් ප්‍රේමදාස මහතා මෙරට සංස්කෘතිය වෙනුවෙන් මින් පෙර කිසිදු අමාත්‍යවරයෙකු විසින් සිදුනොකළ අන්දමේ දැවැන්ත කාර්යයක් සිදුකළා. මධ්‍යම සංස්කෘතික අරමුදල යනුවෙන් ආයතනයක් මෙරට තුළ තිබෙන බව ජනතාව දැනගත්තේත් ඉන් පසුවයි.

මෙම චෝදනා, සද්භාවයෙන් එල්ලකරන චෝදනා නොවෙයි. සජිත් ප්‍රේමදාස මහතා‍ගේ හැකියාව සහ දක්ෂාතාවයට එරෙහිව කරන චෝදනා ලෙස මේවා පෙන්වා දිය හැකියි. මෙරට බෞද්ධ සිද්ධස්ථාන රැසක් සංරක්ෂණය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් වැයකරලා තිබෙනවා. අනුරාධපුර සිද්ධාස්ථාන රාශියක් සඳහා ද සජිත් ප්‍රේමදාස මහතා දැවැන්ත සේවාවක් සිදුකළා.

එමෙන්ම දිවයිනේ දහම් පාසල් සඳහා ද දැවැන්ත සේවාවක් ඉටුකළ සජිත් ප්‍රේමදාස මහතා අදාළ ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත් සියල්ල රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ලබාදුන්නා. ස්වාමීන් වහන්සේ නමක් අපවත්වූ විට ලබාදෙන ලද මුදල් ප්‍රමාණය ද ඉහළ දැමීමට ද ඒ මහතා මෙම අරමුදල හරහා කටයුතු කළා.

සජිත් ප්‍රේමදාස මහතා කිසිදුවිටෙක මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි මුදල් සිය ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත්තේ නෑ. යම් අයෙකුට චෝදනා කළයුත්තේ ඒවා ඔප්පුකිරීමට හැකිවන පරිදියි. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනප්‍රියතාවය තමන්ට අභියෝගයක් වනු ඇති නිසා එතුමාගේ දේශපාලන ප්‍රතිරූපයට හානිකිරීමේ අරමුණින් මෙවැනි චෝදනා එල්ලකරන බව පැවසිය හැකියි. අන්‍යාගමික සිද්ධස්ථාන සඳහා ද සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම අරමුදලේ මුදල් වැය කරලා තිබෙනවා.

කළයුත්තේ ඒ මහතාට චෝදනා කිරීම නොව එතුමාගේ සේවය අගය කිරීමයි. ඒ අනුව මෙම පදනම් විරහිත චෝදනා හෙළාදකිනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට