සත්‍යයේ පුවත් අඩහැරය….

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ටොම්පච පවසන ප්‍රෝඩාකාරී ආණ්ඩුවක් බදාගෙන සිටිනවා – එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ

Podu Jana Peramunaගෝඨාභය රාජපක්‍ෂ මහතා ටොම්පච පවසන ප්‍රෝඩාකාරී ආණ්ඩුවක් බදාගෙන සිටින බවත් කොමිස් මුදල සම්බන්ධයෙන් පමණක් අවධානය යොමුකරන නායකයින් සිටින ආණ්ඩුවක් රට පාලනය කරන්නේ කෙසේදැයි විමසීමට සිදුවන බවත් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ මහතා අවධාරණය කර සිටියි. ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයේදී ඊයේ (03) පෙරවරුවේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සුජීව සේනසිංහ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී ඒ මහාත පහත පරිදි තවදුරටත් සිය අදහස් පළකළේය.

අද වනවිට ජනතාව දැඩි පීඩාවකට ලක්ව සිටිනවා. ඊට විසඳුම් ලබාදීම සඳහා විවිධ කමිටු, කොමිෂන් සභා පත්කළත් මෙතෙක් විසඳුම් ලැබී නෑ. පාරිභෝගික සේවා අධිකාරියට පත්වූ හමුදා නිලධාරියෙකු සහල් පාලන මිල පිළිබඳ තර්ජනාත්මක ස්වරූපයෙන් අදහස් පළකලත් එම පාලන මිල හෝ පවත්වාගෙන යාමට අද නොහැකිව තිබෙනවා. වත්මන් ආණ්ඩුව පඹගාලක පැටලිලා ඉන්නේ. සිරිසේන අද රට කළානම් හොඳයි කියන මතය රට තුළ ඇතිවෙමින් තිබෙනවා.

ලාභ උපයන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පාවාදීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා. මත්තල ගුවන්තොටුපළෙන් සහ හම්බන්තොට වරායෙන් කිසිදු ආදායමක් ලැබෙන්නේ නෑ. නමුත් මෙම ඉදිකිරිම් වලදී ඒ සම්බන්ධයෙන් නිසි සැලසුමක් තිබී නෑ. නමුත් කොමිස් මුදල් සම්බන්ධයෙන් නම් අවධානය යොමුකළා එවකට ආණ්ඩුවේ පිරිස විසින්.

රටේ ජාතික සම්පත් විකුණා දැමීමට විරෝධය පළකරන බව පවසමින් බලයට පැමිණි රාජපක්ෂ වරුන්ම මෙරට සම්පත් විකුණමින් රට උකසට තබමින් සිටිනවා. මෙම තත්ත්වය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා කුමක් කරන්නේදැයි සිතාගැනීමට නොහැකිව කල්පනා කරමින් සිටිනවා.

කොරෝනා වසංගතය හමුවේ ලොව අනෙක් රටවල් සිය ආර්ථිකය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග දියත්කළත් මෙරට තුළ මේ වනවිටත් කර්මාන්තශාලා රැසක් වැසෙන තත්ත්වයක් උද්ගත වෙමින් පවතිනවා. මල්ලී විසින් අයියා යටතේ කටයුතු කරන නිලධාරීන්ට චෝදනා කරන බවත් එකම පවුලේ සාමාජිකයින් නිසා මනා සබඳතාවයකින් රට පාලනය කරනු ඇතැයි අප පවා සිතුව ද එවැන්නක් අද වනවිට දක්නට ලැබෙන්නේ නෑ.

කුඩු කාරයින්, බාර් හිමිකරුවන් මෙන්ම මංකොල්ලකරුවන් මේ වනවිට රට තුළ නිදහසේ කටයුතු කරමින් සිටිනවා. අද වනවිට පවුල් පාලනය දෙගුණ තෙගුණවී තිබෙනවා. මෙරට ක්‍රීඩාව විනාශ කළ රාජපක්ෂවරුන් වටා එතනෝල්කරුවන්, බුකිකරුවන් වැනි පිරිසක් සිටින නිසා අද වනවිට මලල ක්‍රීඩකයින් ඇතුළු දක්ෂ ක්‍රීඩකයින් බිහි නොවන තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ අරවින්ද ද සිල්වා වැනි දේශපාලනය පසුපස නොයන පිරිස් සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන අකාරය පිළිබද කණගාටුවක් තිබෙනවා අපට. සොරුන් අල්ලන බව පවසමින් බලයට පත්වූ ආණ්ඩුව මෙතෙක් එවැන්නක් සිදුකරලා නෑ. අද වනවිට සිදුව තිබෙන්නේ සොරුන් විසින් රට ඇල්ලීමක් පමණයි.

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට