සත්‍යයේ පුවත් අඩහැරය….

කිලිනොච්චියේ නිවසක පිපිරීමකින් හිටපු කොටි සාමාජිකයෙකුට තුවාල, නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ හමුවෙලා..

Podu Jana Peramunaකිලිනොච්චිය, පලෙයි, අයියකච්චි ප්‍රදේශයේ යම් පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ. නිවසක් තුළ සිදුව තිබෙන මෙම පිපිරීමෙන් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ. තුවාල ලැබූ පුද්ගලයා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවට සැකකරන බවත් පිපිරීම සිදුවූ නිවසේ තිබී මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක්, “කළු කොටි සැමරුම සිදුකරමු“ ලෙස සඳහන් කොඩියක්, පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකුගේ ජායාරූපයක් ද හමුව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. නිවසේ සිටි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට