අදත් ප්‍රදේශ රැසකට වැසි..
අද (07) දිනය තුළදීත් දිවයිනේ පළාත් කිහිපයකට වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ යන පළාත්තුළ ස්ථාන රැසක වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල ද අද දිනයේ පස්වරුවේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.