සත්‍යයේ පුවත් අඩහැරය….

රට බරපතල ව්‍යසනයක් කරා ගමන්කිරීමට ඉඩහැර ආණ්ඩුව නිකරුණේ බලාසිටිනවා – එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක

Podu Jana Peramunaආණ්ඩුව සිය නිල බලය භාවිතා කරමින් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ අදාළ නීති උල්ලංඝනය කරමින් සිටින බවත් ඒ අනුව ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයා සහභාගිවන මැතිවරණ රැස්වීම්වලට සහභාගි වන ජනතාවගේ ප්‍රමාණය සඳහා අදාළ සීමාවන්එ ක්‍රියාත්මක නොවන බැවින් සමාජ ආරක්‍ෂාව සම්බන්ධයෙන් දැඩි ගැටළුකාරී තත්ත්වයක් උද්ගතව ඇති බව සමගි ජන බලවේගය අනාවරණය කර සිටියි. ඊයේ (06) ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා විසිනි.

මෙහිදී ඒ මහතා පහත පරිදි සිය අදහස් පළකරන ලදී.

සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් මේ වනවිටත් ගම් මට්ටමින් සිය ප්‍රචාරණ කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා. රජයේ ආයතන මේ වනවිට මැතිවරණ නීති කඩකරමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම පැමිණිලි ලැබුනත් කොමිසම නිහඬයි. මැතිවරණය කාලසීමාවක් පැවතියත් රාජ්‍ය ආයතනයන් තුළ උසස්වීම්, නව පත්වීම් හෝ මාරුවීම් ක්‍රියාත්මක වනවා. ටෙලිකොම් ආයතනය තුළ නව පත්වීම් ලබාදීලා.

ශ්‍රී ලංකාව ණය ගෙවීමට නොහැකි රටක් බවට පත්ව ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව විසින් නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා. මෙරට ඒක පුද්ගල ආදායම ද ක්‍රමානුකූළව පහළ යමින් තිබෙනවා. එමඟින් රටේ කඩාවැටීම පෙන්නුම් කරනවා. බලයට පත්ව මාස 09 ක කාලයක් ගතවුවත් රට ඉදිරියට ගෙනයාමට ආණ්ඩුව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නෑ. රට බරපතල ව්‍යසනයක් කරා ගමන්කිරීමට ඉඩහැර නිකරුණේ බලාසිටින තත්ත්වයකට ආණ්ඩුව පත්ව තිබෙනවා. පාර්ලිමේන්තුව රැස්නොවීම ද මෙවැනි තත්ත්වයක් උද්ගතවීමට බලපා තිබෙනවා. පොහොර හිගය නිසා ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

රබර් නිෂ්පාදන සඳහා මෙන්ම සුළු අපනයන භෝග සඳහා සහතික මිලක් ලබාදෙන බවට පසුගිය ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය රාජපක්ෂා සහ මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් පොරොන්දු වූවත් මෙතෙක් එවැනි සහතික මිලක් නොගෙවන බව එම නිෂ්පාදකයින් පවසනවා. මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි සහ එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක අනුරාධ විමලරත්න යන මහත්වරුන් ද සහභාගිවී සිය අදහස් පළකරන ලදී.
අනුරා

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට