සත්‍යයේ පුවත් අඩහැරය….

කලාවට හිතැති සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යධූරයට පත්කරන්න, සමගි කලා බලවේගයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaමෙරට බිහි වු දේශපාලඥයින් අතරින් කලාවට යම් සේවයක් සිදුකරන ලද්දේ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා වන බැවින් එතුමාගේ පුතණුවන් වන සජිත් ප්‍රේමදාස මහතා ද මෙරට කලාවට දැවැන්ත සේවයක් සිදුකරනු ඇති බැවින් ඉදිරි මහමැතිවරණයේදී එතුමා ජයග්‍රහණය කරවීමට කටයුතු කරන ලෙස කලාකරුවන් ඇතුළු ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි කලා බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (06) ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ සමගි කලා බලවේගයේ සාමාජික, මෙර ප්‍රවිණ ගායිකා චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය විසිනි.

මෙහිදී ඇය පහත පරිදි තවදුරටත් සිය අදහස් මාධ්‍ය වෙත පළකරන ලදී.

සජිත් ප්‍රේමදාස මහතාත් දක්ෂ කලාකරුවෙක්. ඒ නිසා බලයට පත්වූ පසුව එත්මා මෙරට කලාකරුවන්ට විශාල සේවයක් සිදුකරාවි යන බලාපොරොත්තුව අප තුළ තිබෙනවා.

මෙම අවස්ථාවට සහභාගිවූ හිටපු පළාත් සභා මන්ත්‍රි රොඩ්නි ප්‍රේෂර් මහතා මෙහිදී පවසා සිටියේ කලාකරුවන් වෙනුවෙන් කලාපුර පවා ඇතිකළ රණසිංහ ප්‍රේමදාස මහතාගෙන් නිවාස ලබාගත් පිරිස් අද වන විට වෙනත් පාර්ශවයන්ට එක්ව කටයුතු කිරීම පිළිබඳ කණගාටු වනවා. කලාකරුවන්ගේ ගැටළු පිළිබදව අවධානය යොමු කර කටයුතු කළ හැක්කේ සජිත් ප්‍රේමදාස මහතාට පමණයි. සජිත් ප්‍රේමදාස මහතා වටා එක්ව සිටින්නේ සැබෑ කලාකරුවන් පමණයි. තමන්ගේ පුද්ගලික සුඛවිහරණය සඳහා පමණක් කටයුතු කරන කලාකරුවන් අප කණ්ඩායම තුළ නෑ.

මෙම මාධ්‍ය හමුව සඳහා රංගන ශිල්පීන් වන රජිත් රොද්‍රිගෝ, දොන් ගයි, වාද්‍ය ශිල්පී මහින්ද සිල්වා යන මහත්වරුන් සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට