කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාලය හසුරවන ප්‍රධානියා දැලේ..
මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ රොහාන් ප්‍රදීප් හෙවත් “කළු මල්ලී” නැමැත්තා අංගොඩ ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ “කොස්ගොඩ තාරක” නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තැනැත්තා බව අනාවරණය වී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. අත්අඩංගුවට පත් සැකකරුගේ බැංකු ගිණුම තුළ රුපියල් මිලියන 42.8 ක මුදලක් පවතින බවට තොරතරු අනාවරණය වන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.