දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ අදත් වැසි..
අද (10) දිනය තුළ ද දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ස්ථාන කිහිපයක වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. එමෙන්ම ඌව, නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ද අද පස්වරුවේ හෝ රාත්‍රියේදී වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් අනාවරණය කරයි.