මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2617 ක් දක්වා ඉහළට..
මේ දක්වා මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2617 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ඊයේ (12) දිනය තුළදී හඳුනාගන්නා ලද කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 106 ක් බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි. කන්දකාඩු මත්‍ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ පුනරත්ථාපන මධ්‍යස්ථානය තුළින් ආසාදිතයින් 14 දෙනෙකු ද, එම මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත මාරු කරන ලද රැඳවියන් 76 දෙනෙකු ද ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.