කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2646 ක් දක්වා ඉහළට..
මේ දක්වා මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2646 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළින් හඳුනාගන්නා ලද ආසාදිතයින්ගේ පොකුර තුළින් හඳුනාගන්නා ලද ආසාදිතයින් ගණන 519 ක් තෙක් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එම ප්‍රමාණයෙන් 419 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් වන අතර 11 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි. මෙම ප්‍රමාණයෙන් 63 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් වේ. එමෙන්ම මෙම පිරිසගේ ආශ්‍රිතයින් ලෙස තවත් 16 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිතයින් 654 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති ප්‍රමාණය 1981 ක් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.