නියමිත දින තැපැල් ඡන්ද සළකුණු කිරීමට නොහැකි වූ පිරිසට අද සහ හෙට ඊට අවස්ථාව..
නියමිත දිනයේදී තැපැල් ඡන්ද සළකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින් සඳහා අද (20) සහ හෙට (21) යන දෙදින තුළ ඊට අවස්ථාව ලැබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව සිය ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා හමුවී තැපැල් ඡන්දය භාවිතා කිරීමට අදාළ අයදුම්කරුවන් හැකිවනු ඇත.