සත්‍යයේ පුවත් අඩහැරය….

සෛවරී රාජ්‍යයක් ලෙස පිළිගැනීමට පැවති එකම තත්ත්වයත් ශ්‍රී ලංකාවට අහිමිවෙමින් පවතිනවා – හිටපු අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා

Podu Jana Peramunaඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරටට ණයක් ලබාදීම සඳහා විදෙස් සංවිධානයක් විසින්න් ඇපයක් ඉල්ලා ඇති බවත් මීට පෙර කිසිදු අවස්ථාවක එවැනි ඇපයක් ඉල්ලා නොමැති බවත් යම් රටක් සෛවරී රාජ්‍යයක් ලෙස පිළිගැනීමට පැවති එකම තත්ත්වය ඇපයකින් තොරව ණයක් ලබාදීම වුවත් මේ වනවිට ශ්‍රී ලංකාවට එම තත්ත්වය ද අහිමිවෙමින් තිබෙන බව හිටපු අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඇතුල්කෝට්ටේ, සමගි ජන බලවේගයේ කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී හර්ෂ ද සිල්වා මහතා පහත පරිදි තවදුරටත් සිය අදහස් පළකරන ලදී.

ඉදිරියේදී රට දැඩි අර්බුදයකට මුහුණදෙනු ඇති බව තමයි මෙමඟින් පෙන්වන්නේ. ඒ අනුව රටේ ජාතික සම්පත් හෝ ඇපයට තැබීමට ඉදිරියේදී සිදුවේවි. යථාර්තය තේරුම්ගෙන නිසි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කළයුතුයි. විදෙස් අයෝජකයින් නිසි විමර්ශනයකින් කටයුතු කරනවා. ඔවුන් මෝඩයින් නොවෙයි. සත්‍ය සහ යථාර්තය විකෘති කළහොත් විශාල ආර්ථික ගැටළු රැසකට මුහුණදීමට ශ්‍රී ලංකාවට සිදුවේවි.

ආනයන ඉක්මවා අපනයන වැඩිවී ඇතැයි ආණ්ඩුව උජාරුවට පවසනවා. මේවා කිවයුත්තේ මොළේ නැති පිරිස්වලටයි. ආනයන සීමාකිරීම හරහා රට තුළ විශාල ගැටළු රැසක් උද්ගතවනු ඇති බවත් ආර්ථිකය ජයගත හැක්කේ තාප්ප නිර්මාණය කිරීමේන් නොව පාලම් නිර්මාණය කිරීමෙන් බව ආණ්ඩුවට අවධාරණය කරනවා.

ජනතාවට රුපියල් 20000/- ක දීමනාවක් ලබාදිය යුතු බවට සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ප්‍රකාශයට එරෙහිව විශාල චෝදනාවක් එල්ලවුනා. සිව් දෙනෙකුගෙන් යුතු පවුලකට නොමැරී ජීවත්වීමට රුපියල් 20000/- ක් අවශ්‍යයැයි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ඉහත ප්‍රකාශය අහුලාගන්නා ලද ප්‍රකාශයන් නොවන බව ඉන් මනාව පැහැදිලි වනවා. රුපියල් 20000/- ක් යනු සිව්දෙනෙකුගෙන් යුතු පවුලකට නොමැරී ජීවත්වීමට අවශ්‍ය අවම මුදල පමණයි. කොරෝනා දෙවන රැල්ල නැවැත්වීම ජනතාවගේම වගකීමක්. නමුත් දෙවන රැල්ලක් පැමිණියහොත් අර්ථිකය දරුණු ලෙස කඩා වැටේවි.

වැඩ කරන ජනතාවට රුපියල් 20000/- ක් ලබාදීමට රුපියල් බිලියන 40 ක පමණ මුදලක් අවශ්‍ය වනවා. ඒ අනුව එවැනි මුදලක් සපයා ගන්නේ කෙසේදැයි ඇතැම් පිරිස් විමසනවා. වත්මන් ආණ්ඩුව බලයට පත්වූ වහාම තමන්ට උපකාර කළ ධන කුවේරයින්ට බදු සහන ලබාදීම නිසා මහ භාණ්ඩාගාරයට ලැබිය යුතු රුපියල් බිලියන 150 ක අදායමක් අහිමිවුනා. ඒ අනුව රුපියල් 20000/- ක දීමනාව ලබාදීමට ඕනෑතරම් හැකියාවක් තිබුනා. බදු සහන ලබාදිය යුත්තේ සාමාන්‍ය ජනතාවට මිස ධන කුවේරයින්ට නොවෙයි.

ජනතා ගැටළු තේරුම්ගැනීමට හැකියාවක් ඇත්තේ තමන්ට පමණකැයි රාජපක්ෂවරුන් තුළ පැවති ඒකාධිකාරිය බිඳදැමීමට සජිත් ප්‍රේමදාස මහතාට හැකිවුනා. ආණ්ඩුව බලයට පත්ව ගතවූ කෙටි කාලයක් තුළ මේ ආකාරයට ණය ප්‍රමාණය ඉහළ ගියේ නම් ඔවුන් තවදුරටත් බලයේ සිටියහොත් කොපමණ ප්‍රමාණයකින් එය ඉහළයනු ඇද්දැයි යන ගැටළුව පැනනඟිනවා.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ද මාධ්‍ය වෙත සිය අදහස් දක්වන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට