වලස්මුල්ලේ නිවසකින් යුද හමුදා ඇඳුම්, ජිව අත්බෝම්බයක් සහ ජීව උණ්ඩ අත්අඩංගුවට..
වලස්මුල්ල, බෝවල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ යුද හමුදා ඇඳුම් කිහිපයක්, ජිව අත්බෝම්බයක් සහ ජීව උණ්ඩ කිහිපයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිවී ඇත. අත්අඩංගුවට පත්ව ඇත්තේ අපරාධ කල්ලි සාමාජික “බැරල් සුනිල්” නමැත්තාගේ සමීපතමයෙකු වන උදේනි නොහොත් “කිරියා” යන අය බව අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.