දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි..
අද (22) දිනයේදි දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල ස්ථාන රැසක වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. එමෙන්ම අද දින පස්වරුවේ සහ රාත්‍රි කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.