කොළඹ, නුගේගොඩ ප‍්‍රදේශ කිහිපයකට පැය 14 ක ජල කප්පාදුවක්..
නුගේගොඩ ආශ්‍රිත ප‍්‍රදේශ කිහිපයකට අද (23) රාත‍්‍රී 10.00 සිට හෙට (24) දහවල් 12.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, උඩහමුල්ල, ගංගොඩවිල විජේරාම සිට නුගේගොඩ දක්වා කොටස, මාදිවෙල, තලපත්පිටිය, නුගේගොඩ, පාගොඩ, නාවල, මොරගස්මුල්ල යන ප‍්‍රදේශයන් වලට ජල සැපයුම අත්හිටුවේ. තව ද රාජගිරිය, කොළඹ 05, 07 හා 08 යන ප‍්‍රදේශවලට ද මෙම කාල සීමාවේදී ජල සැපයුම අත්හිටුවේ. එම කාලසීමාව තුළ කොළඹ 04, 06, මහරගම සහ බොරලැස්ගමුව යන ප‍්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය සැපයෙන බවත් අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ ජලසැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තවදුරටත් පවසයි.