විදෙස්ගතව සිටි 117 ක පිරිසක් දිවයිනට..
අද (30) උදෑසන කාලයේ විදෙස්ගතව සිටි 117 ක පිරිසක් මෙරටට පැමිණ ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. මෙසේ පැමිණි පිරිසෙන් 40 දෙනෙකු අබුඩාබි සිටත් 02 නෙකු දෝහා සිටත් තවත් 77 දෙනෙකු චෙන්නායි සිටත් මෙරටට පැමිණි තිබේ. මෙම පිරිස නිරෝධායනය කිරීමට කටයුතු සුදානම් කර ඇති බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි. මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයින් 2810 ක් වාර්තා වන අතර, මේ වනවිට පූර්ණ සුවය ලැබු ප්‍රමාණය 2317 කි. ඒ අනුව ආසාදිතයින් 482 ක් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.