අදත් ප්‍රදේශ රැසකට වැසි..
අද (30) දිනය තුළ දිවයිනේ පළාත් කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ස්ථාන රැසක වැසි ඇතිවිය හැකි බව ද එම ආරංචි මාර්ග තචදරුටත් පවසා සිටියි. අද දින පස්වරුවේ ඌව පළාතේ ස්ථාන කිහිපයක ද වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව ද දකුණු පළාත සහ පොළොන්නරුව, මාතලේ යන දිස්ත්‍රික්කවල වරින් වර සුළං තත්ත්වයක් ඇතිවිය එැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් පවසයි.