සත්‍යයේ පුවත් අඩහැරය….

අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද සිය ධුරයේ වැඩ බාරගනී ..

Podu Jana Peramuna අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) සිය ධුරයේ වැඩ බාරගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිත බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා සිව් වන වරටත් පසුගිය 09 වන දින අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන ලදී. මේ අතර නව කැබිනට් මණ්ඩලය හෙට (12) මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි මගුල් මඩුවේ දී දිවුරුම්දීමට නියමිතව ඇති අතර ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයක් මහනුවර මගුල් මඩුවේ දී දිවුරුම් දෙන පළමු අවස්ථාව ලෙස මෙය පෙන්මෙවාදිය හැක. නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දිමෙන් අනතුරුව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීමට නියමිතව ඇති බව සඳහන් වේ. අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කිරඹීට ද කටයුතු කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට