සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් වේ ..

Podu Jana Peramunaමෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තෝරා පත් කරගන්නා ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ නම් ඇතුළත්ව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව වාර්තා වේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට නම් කර ඇති පුද්ගලයින්ගේ නම් ගැසට් කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර මෙලෙස ගැසට් කර ඇති බව සඳහන් වේ.කෙසේවෙතත් සමගි ජනබලවේගය, ජාතික ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ අපේ ජනබල පක්ෂයට අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර මෙතෙක් ගැසට් කර නොමැති බව වාර්තා වේ. සමගි ජනබලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07ක් හිමිව ඇති අතර අදාළ මන්ත්‍රී ධුර පත් කිරීම සම්බන්ධයෙන් ඊයේ (10) දිනයේත් සාකච්ඡා පැවතුණ අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් එකගතාවකට පැමිණීමට නොහැකි වී ඇති බව සඳහන් වේ. ජාතික ජනබලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා ද මෙතෙක් නම් කිරීමක් සිදුකර නොමැති බව වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට