සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් හිමිවීමේ වගකීම එක්සත් ජාතික පක්ෂය භාරගත යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් හිමිවීමේ වගකීම එක්සත් ජාතික පක්ෂය විසින් දැරිය යුතු බවත් පක්‍ෂය තුළ ඇතිකරන ලද බෙදීම තුළින් මෙවැනි මැතිවරණ ප්‍රථිඵලයක් ලැබූ බවත් එක්ව කටයුතු කළේ නම් තවත් ආසන 05 ක් පමණ ජයගැනීමට හැකිවනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයේදී ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළකළ නලින් බණ්ඩාර මහතා එහිදී පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකරන ලදී.

සමගි ජන බලවේගය නැමැති කුළුඳුල් පක්‍ෂය ආරම්භ කර මාස 06 ක් වැනි කෙටි කාලයක් තුළ ලැබූ මැතිවරණ ජයග්‍රහණය අපට ජවසම්පන්න සහ ශක්තිමත් ආරම්භයක්. එම තත්ත්වයට වගකිව යුතු එක්සත් ජාතික පක්ෂස මන්ත්‍රිවරයෙකු නොමැතිව ඉතිහාසයේ පළමුවරට පාර්ලිමේන්තුව රැස්වන තත්ත්වයක් ඇතිව තිබෙනවා. තමන්ට හිමි එකම මන්ත්‍රිධූරය සඳහාවත් පුද්ගලයෙකු පත්කරගැනීමට පවා නොහැකි තත්ත්වයට එක්සත් ජාතික පක්ෂය පත්ව තිබෙනවා. දැන් හෝ සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්විය යුතු බව එක්සත් ජාතික පක්‍ෂයට නොතේරෙන්නේ මන්දැයි දන්නේ නෑ.

අමාත්‍යවරුන් පත්කිරීම තුළ ආණ්ඩුවේ විශාල අර්බුදයක් හටගෙන තිබෙන බව පෙනීයනවා. කුඩම්මාගේ සැලකිලි ලැබීම නිසා ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ්යේ 14 දෙනා දැඩි අසතුටෙන් පසුවනවා. යහපාලන, ජාතික ආණ්ඩුවට එක්වීම නිසා සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, එස්.බී. දිසානායක සහ චන්දිම වීරක්කොඩි ඇතුළු පොහොට්ටුවේ විශාල පිරිසකට ද අමාත්‍යධූර ලැබී නෑ. ඒ අනුව ඔවුන් පසුපෙළ මන්ත්‍රිවරුන් බවට පත්ව තිබෙනවා. ඉහත පිරිස වෙනුවට අමාත්‍යධූර ලබාදුන් ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ සහ නිමල් ලන්සා වැනි පිරිස් ජ්‍යෙෂ්ඨයින් බවට පත්ව සිටිනවා.

තුනෙන් දෙකක බලය තුළින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 224 කගේ අනුමැතියෙන් පැවති ආණ්ඩුව විසින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට හැකිවුනා. ඒ නිසා එම ව්‍යවස්ථා සංශෝධනය තුළ පැවති ප්‍රජාතන්ත්‍රවාදී සහ යහපාලන ප්‍රතිපත්ති රැකගැනීමට එවක ජනාධිපතිවරයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 224 දෙනාට වගකීමක් පවතිනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති ආපස්සට හැරවීමට අවස්ථාව නොදීම එම සංශෝධනයට අත එසවූ ආණ්ඩුව නියෝජනය කරන පිරිසගේ යුතුකමක්. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමට ආණ්ඩුව උත්සාහ කරන්නේ යහපාලන ප්‍රතිපත්ති ආපසස්ට හරවා එක් පවුලක් ඉලක්ක කරගනිමින් එම පවුල රැකීම සඳහා පමණක් බව පෙනීයනවා. එය භයානක තත්ත්වයක්. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටක් ලෙස සතුටුවිය හැකි විශාල ජයග්‍රහණ රැසක් ලබාගත්තා. ඒකාධිපති ගතිලක්‍ෂණ සහිත, පවුල් පාලනයක් ඉලක්ක කරගත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ආණ්ඩුවේ ප්‍රගතිශීලි පිරිස එකඟ නොවනු ඇතැයි බලාපොරොත්තු වනවා. මෙම අත්තනෝමතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අත එසවීමෙන් වළකින්නැයි සියළුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

අමාත්‍යවරුන් පත්කිරීම, වත්මන් ආණ්ඩුවේ අසාර්ථක බව පෙන්වීමට උදාහරණයක්. විද්‍යාත්කමක ලෙස අමාත්‍යධූර පත්කර ඇති බවක් පෙනෙන්නට නෑ. පැවති අපගේ ආණ්ඩුව සමයේ ඉතා වගකීම් සහගත ලෙස අමාත්‍යංශ ඇතිකළා. කුළුබඩු, මැටි ආදී සියළු දේ සම්බන්ධයෙන් අමාත්‍යංශ පිහිටුවා ඇතත් රටට පැමිණෙන අයෝජකයින් ඇතුළු වැදගත් අංශ සම්බන්ධයෙන් අමාත්‍යංශ පිහිටුවා නෑ. මෙය ඉතා බරපතල තත්ත්වයක්.

සිය අමාත්‍යධූරය සම්බන්ධයෙන් තමන් කළකිරීමට පත්ව ඇතැයි විමලවීර දිසානායක මහතා පවසා තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් පළමු ස්ථානයට පත්වූ කිසිදු චෝදනාවක් එල්ලවී නොමැති විදුර වික්‍රමනායක මහතාට වැඩකළ නොහැකි රාජ්‍ය අමාත්‍යධූරයක් ලබාදී තිබෙනවා. ඒ නිසා එතුමාත් දැඩි කළකිරීමට පත්ව සිටිනවා. නමුත් කළුතර දිස්ත්‍රික්කයෙන් පළමු ස්ථානයට පත්නොවූ රෝහිත අබේවර්ධන මහතාට ඉහළ අමාත්‍යංශයක් ලබාදී තිබෙනවා. සනීප ද සහ සැප ද යනුවෙන් ජනතාවගෙන් විමසීමට දැන් අපට සිදුව තිබෙනවා. ඒ අනුව අමාත්‍යධූර බෙදීමේදී විශාල ගැටළු සහගත තත්ත්වයන් රැසක් මතුව ඇති බව පෙනීයනවා.

කුරුණෑගල පිහිටි වටිනා ඓතිහාසික ස්ථානයක් විනාශ කළ කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු 05 දෙනෙකුට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මකවීම වළක්වමින් දීර්ඝ කර තිබෙනවා. අදාළ නඩු කටයුතු සඳහා අවශ්‍ය මුදල් නගර සභාවෙන් අයකර ගැනීමට නගරාධිපතිවරයා කටයුතු කරමින් සිටිනවා. මෙය නුසුදුසු කාර්යයක් බැවින් ඊට අපගේ දැඩි විරෝධය පළකරනවා. කුරුණෑගල නගරාධිපතිවරයා ආරක්ෂාට කරන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි. ඔහුව රකින්නේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්. මේ සම්බන්ධයෙන් ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්නොවීම නිසා සමඟි ජන බලවේගය පිහිටුවීමට සිදුවුනා. එක්සත් ජාතික පක්‍ෂය පරාජයවූ විට කමිටු පත්කිරීම සහ නායකත්ව මණ්ඩල පිහිටුවීම වැනි කටයුතු නිරන්තරයෙන් සිදුවුනා. පාක්ෂිකයින් බහුතරයක් සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය සමඟයි. පක්‍ෂ නායකත්වය භාරගන්නැයි එක්සත් ජාතික පක්‍ෂය විසින් සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කළයුතුව තිබෙනවා. ජන පදනමක් ඇති කිසිවෙකු එක්සත් ජාතික පක්ෂය තුළ දැන් නැහැ. නියම එක්සත් ජාතික පක්ෂතය ඇත්තේ සිරිකොත තුළ නොවෙයි. සමගි ජන බලවේගය තුළයි.

එක්සත් ජාතික පක්ෂකයෙන් මහමැතිවරණයට ඉදිරිපත්ව පරාජය වූ අකිල විරාජ්, පාලිත රංගේ බණ්ඩාර, රුවන් විජයවර්ධන, වජිර අබේවර්ධන සහ රවී කරුණානායක වැනි පිරිස් පළාත් සභා හෝ ප්‍රාදේශීය සභා යන මැතිවරණයන්ට ඉදිරිපත් වූවත් ඔවුන්ට ජයගැනීමට නොහැකියි. පළාත් සභා මැතිවරණයට අප නව කණ්ඩායමක් ඉදිරිපත් කරනවා. පැය 24 පුරා දේශපාලනයේ නිරතවන සජිත් ප්‍රේමදාස මහතා වැනි කඩිසර නායකයෙකු සිටීම දැඩි ශක්තියක්.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට