කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු සුවය ලබයි ..
අද (20) වන විට මෙරට කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 2,765ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දිනයේ දී වාර්තා වු කොරෝනා ආසාදිතයින් දෙදෙනා සමඟ මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 2,902ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට ආසාදිතයින් 126ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.