පාර්ලිමේන්තුව අද යළි රැස්වේ..
පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 9.30 ට යළි රැස්වීමට නියමිතව ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙහිදී විවාදයට ගැනීමට නියමිතව තිබේ. ලබන 27 සහ 28 යන දිනවලදී ද පාර්ලිමේන්තුව යළි රැස්වීමට ද ඊයේ (20) පවත්වන ලද පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර ඇත.