සත්‍යයේ පුවත් අඩහැරය….

බහුතර බලයක් හිමිවුව ද රටේ උත්තරීතර නීතිය උල්ලංඝණය කිරීමට කිසිදු හැකියාවක් නෑ – සමගි ජන බලවේගය

Podu Jana Peramunaතුනෙන් දෙකක බහුතර බලයක් හිමිවුව ද රටේ උත්තරීතර නීතිය උල්ලංඝණය කරමින් කටයුතු කිරීමට ආණ්ඩුවට කිසිදු හැකියාවක් නොමැති බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (28) ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී අශෝක් අබේසිංහ මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකරන ලදී.

පසුගිය ජනාධිපතිවරණයට පෙර ඔක්තෝම්බර් මස 20 වන දින අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට යහපාලන රජය කටයුතු කළා. ඒ 2020 වසරේ මුල් කාලය සඳහායි. නමුත් වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව හෝ නොකැඳවා ව්‍යවස්ථාව පවා උල්ලංඝණය කරමින් මුදල් වැයකරන ආකාරයක් අපි දුටුවා. එය සම්පූර්ණයෙන්ම වැරදි සහගතයි.

පසුගිය රජය විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමේ පැවති මුදල් වැයකරන ලද්දේ කෙසේදැයි සහ මාර්තු මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු රටේ මූල්‍ය පාලන කටයුතු සිදුකළේ කෙසේදැයි සහ එවැන්නකට බලය ලබාදුන්නේ කවුරුන්දැයි විමසා සිටිනවා. රට තුළ මුල්‍ය කටයුතු සම්බන්ධ සම්පුර්ණ බලය පවතින්නේ පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුව නොමඟ යවමින් රජය කටයුතු කර තිබෙනවා.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත්කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. එම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ස්වාධීන කොමිෂන් සභා 09 ක් පිහිටවූවා. මේ වන විටත් විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙන වත්මන් ආණ්ඩුව, ණය සීමාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාවට සහාය දැක්වීමට විපක්ෂය ලෙස අප කටයුතු කළේ නෑ. 2020 වසර තුළ මේ වනවිට පමණක් බිලියන 900 ක ණය මුදලක් ලබාගෙන ඇති ආණ්ඩුව ඊයේ ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් ද බිලියන 1300 ක ණය මුදලක් ලබාගැනීම සඳහාත් තවත් බිලියන 750 ක මුදලක් ලබාගැනීමට අවඔ්‍ය බවට යෝජනා කර තිබෙනවා. ඒ අනුව ට්‍රිලියන 02 කට වැඩි ප්‍රමාණයක මුදලක් ණය ලෙස ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. එය මෙරට ඉතිහාසය තුළ වැඩිම ණය ලබාගැනීම ලෙස හැඳින්විය හැකියි.

නීත්‍යානුකූල නොවන, පාර්ලිමේන්තුව විසින් අනුමත නොකළ මුල්‍ය කටයුතු පිළිබඳව විගණකාධිපතිවරයා විගණන කටයුතු සිදුකරන්නේ කෙසේදැයි යන බරපතල ගැටළුව මතුවනවා. භාණ්ඩාගාරය විසින් ලබාදී ඇති නියෝගයන්ට අනුව මහබැංකු නිලධාරීන් කටයුතු නොකිරීම නිසා පසුගිය දිනෙක ජනාධිපතිවරයා විසින් එම නිලධාරීන්ට දෝෂාරෝපණය කළා. නීත්‍යානුකූල නොවන ලෙස කටයුතු කිරීමට මහබැංකු නිලධාරීන්ට නොහැකි නිසා ජනාධිපතිවරයා එම නිලධාරීන්ට අනවශ්‍ය ලෙස බලපෑමක් සිදුකළාදැයි යන සැකය මතුවනවා.

ආණ්ඩුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත්කිරීමට කටයුතු කරන්නේ තවදුරටත් නීත්‍යානුකූල නොවන ලෙස ක්‍රියාකිරීමට ද යන සැකය මතුවනවා. විගණන කොමිසම මඟින් එවැනි කටයුතු විගණනය කිරීමේදී යම් ගැටළුවක් මතුවිය හැකියි.

2000-2001 වසර වලින් පසු ප්‍රථම වරට මෙරට ආර්ථික වර්ධනය සෘණ අගයකට පත්ව තිබෙනවා. යහපාලන ආණ්ඩු සමයේ දී ආර්ථික වර්ධන වේගය 2.6 ක් තෙක් ඉහළ ගොස් තිබූ නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු වසරේ පළමු කාර්තුව තුළම රටේ ආර්ථික වර්ධනය සෘණ 1.6 ක් බවට පත්වුනා. එය කොරෝනා වසංගතය නිසා ඇති වු තත්ත්වයක් නොවෙයි. ඊට පෙර සිටම ඇති වු ආර්ථිකය කඩාවැටීමක්. මෙලෙස ආණ්ඩුව දිගින් දිගටම ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කරමින් රට පාලනය කරන්නේ නම් ඒ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට අප කටයුතු කරනවා. සිදුව ඇති වරද නිවැරදි කරගැනීමට කටයුතු කරන්නේ නම් ආණ්ඩුවට සහාය ලබාදීමට අප සූදානම්.

2015 ට පෙර පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කිරීම නිසා ජනාධිපතිවරණයෙන් මෙන්ම මහමැතිවරණයෙන් ද පරාජයට පත්වූ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එක් රටක්, එක් නීතියක් යනුවෙන් පවසමින් ආණ්ඩුව බලයට පත්වුව ද අද වනවිට ආණ්ඩුවට එක් නිතීයක් සහ විපක්ෂයට තවත් නීතියක් ද ක්‍රියාත්මක කරමින් තිබෙන බවක් පෙනීයනවා.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා ද පහත පරිදි අදහස් දක්වන ලදී.

තමන්ට 2/3 ක බලයක් හිමිව ඇතැයි වත්මන් ආණ්ඩුව උදම් අනමින් සිටිනවා. එලෙස 2/3 ක බලයක් ලැබීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කැළලක්. මෙවැනි තත්ත්වයක් යටතේ 2015 ට පෙර පැවති රාජපක්‍ෂ ආණ්ඩුව සිදුකළ පාලනය යළි රට තුළ ඇතිවෙමින් පවතිනවා. මෙම බලය තුළින් ප්‍රජාතන්ත්‍රවාදී බවක් ඇතිනොවී නැවත රාජපක්ෂ පවුල් පාලනය ඇති විය හැකියි. නව ව්‍යවස්ථාවක් ඇතිකිරීම සඳහා කඩිනමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කරන්නේ කුමක් නිසාදැයි යන ගැටළුව මතුව තිබෙනවා. ආණ්ඩුව නියෝජනය කරන උගතුන්, බුද්ධිමතුන් මෙන්ම වියතුන් ද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩිනමින් වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව මෙන්ම සම්පුර්ණ ව්‍යවස්ථාවම එකවර වෙනස් කළයුතු යැයි පවසනවා.

ආණ්ඩුව දිගින් දිගටම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් අහෝසි කරන බව පවසනවා. මහින්ද රාජපක්ෂ මහතා 2015 ට පෙර ද සිය බලය යොදාගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශකරමින් පවුල්වාදයක් ඇති කළා. අද වනවිට ආණ්ඩුවට හිමිව ඇති 2/3 ක බහුතර බලය උපයෝගී කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කර නැවත රට තුළ පවුල්වාදයක් ඇතිකිරීමට එම පිරිස කටයුතු කරමින් සිටිනවා. බැසිල් රාජපක්‍ෂ මහතාව පාර්ලිමේන්තුවට ගෙනඒම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට රාජපක්ෂවරුන් කටයුතු කරමින් සිටිනවා.

ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට පාර්ලිමේන්තුවට තේරීපත්විය නොහැකි යැයි පැහැදිලිවම සඳහන් කර ඇති යෝජනාව ද මෙම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමත් සමඟ අහෝසි වනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තුවට පැමිණෙන බැසිල් රාජපක්ෂ මහතාට, මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබී ඇති අමාත්‍යංශය වලින් පසුව පවතින වැදගත්ම අමාත්‍යංශ ලබාදීමට කටයුතු කරාවි. ඒ මහතා පාර්ලිමේන්තුවට ගෙනඒමෙන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ සඳහන්ව ඇති අමාත්‍යධූර සම්බන්ධයෙන් වන සීමාවන්ද අහෝසි වනවා. මේ වනවිට අමාත්‍යධූර ලැබී නොමැති මන්ත්‍රිවරුන්ට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අමාත්‍යධුර ලබාදෙන බව ආණ්ඩුව පවසනවා.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ස්වාධීන කොමිෂන් සභා අහෝසි වනවා. එම කොමිෂන් සභාවන්හි යම් වරදක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකර සම්පුර්ණයෙන්ම එම කොමිෂන් සභා අහෝසිකිරීම පිළිගත නොහැකියි. වසර 05 ක් වැනි කාලයක් තුළ ක්‍රියාත්මක වන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ද යම් දුර්වලතාවයන් ඇත්නම් ඒවා නිවැරදි කිරීමේ බලය පාර්ලිමේන්තුව සතුයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන්ම විනාශ කරන්නේ නම් ඊට විරෝධය දක්වනවා. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන සියළුදෙනාට අපත් සමඟ එක්වන්නැයි ආරාධනා කරනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට