සත්‍යයේ පුවත් අඩහැරය….

අයවැයෙන් 40% ක්ම පාලනය කරන්නේ රාජපක්‍ෂවරුන්, පවුලක් රජ කරවීමට ජනතාව බලය දුන්නේ නෑ – සමගි ජන බලවේගය

Podu Jana Peramunaද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට පැමිණීම රටට හිතැති කරුණක් නොවන බවත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන්නේ ද්විත්ව පුරවැසිභාවයක් හිමි බැසිල් රාජපක්‍ෂ මහතාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට සහ මෛත්‍රිපාල සිරිසේන මහතාට යම් තනතුරක් ලබාදීමට දැයි ආණ්ඩුවෙන් විමසා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජීත් මද්දුම බණ්ඩාර මහතා පවසා සිටියි. ඊයේ (31) ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේග කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකළ රංජිත් මද්දුම බණ්ඩාර මහතා එහිදී පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදී.

1978 දී හදුන්වාදුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වනවිට 19 වතාවක් සංශෝධනය වී තිබෙනවා. මෙමඟින් විධායක ජනාධිපති ක්‍රමය රටට හදුන්වා දුන්නා. බලයට පත්වීමට පෙර විධායක ජනාධිපතිධූරය සහ විධායක බලතල අහෝසි කරන බව පැවසුවත් හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග හෝ මහින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීන් බලයට පැමිණි පසු එය සිදුකළේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් විධායක ජනාධිපති ධුරයේ බලතල ඉහළ දැමීමට කටයුතු කළා. ඒ අනුව විධායක ජනාධිපති ධුරය, ඒකාධිපති තනතුරක් බවට පත්කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කළා.

නමුත් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පොරොන්දු වූ පරිදිම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදුන්වාදී විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමාකිරීමට කටයුතු කළා. ජනතා ඡන්දයෙන් පත්වන පාර්ලිමේන්තුව වසර 05 න් විසුරුවා හැරීමේ නීතිය වසර 04 ක් තෙක් පහළ දැමීමට කටයුතු කළා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා හදුන්වාදී රාජ්‍ය සේවය ස්වාධීන කළා. එමඟින් රටේ ජනතාවටත් ප්‍රජාතන්ත්‍රවාදි ‍ලෙස කටයුතු කිරීමට හැකිවුනා. පොලිස් සේවයට ස්වාධීන ලෙස කටයුතු කිරීමට ඉඩ ලබාදුන් නිසා රට තුළ වංචා, සොරකම්, ළමා අපචාර, ස්ත්‍රි දුෂණ වැනි අපරාධ රැසක් අඩුවුනා.

නමුත් වත්මන් ආණ්ඩුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් රට තුළ පැවති ස්වාධීනත්වය අහෝසි කර ජනතා ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීමට කටයුතු කරමින් සිටිනවා. මෙහි මූලික පරමාර්ථය වන්නේ ද්විත්ව පුරවැසිභාවය හිමි පිරිස් පාර්ලිමේන්තුවට ගෙන ඒමයි. ව්‍යවස්ථාවක් සංශෝධනය කළ යුත්තේ පුද්ගලයින් නොව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ඉලක්ක කරගෙනයි. නමුත් ද්විත්ව පුරවැසිභාවයක් හිමි පුද්ගලයින්ව පාර්ලිමේන්තුවට ගෙන ඒමට, යම් යම් පුද්ගලයින් අගමැතිවරුන් ලෙස පත්කිරීමට මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ට තනතුරු ලබාදීමේ අරමුණින් තමයි ආණ්ඩුව මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමට උත්සාහ කරන්නේ.

අද වනවිට රාජපක්ෂ පවුලට මෙරට ආයතන 141 ක් හිමිව තිබෙනවා. ඒ අනුව රාජ්‍ය අයවැයෙන් 40% ක් පාලනය කරන්නේ රාජපක්‍ෂවරුන්. 2015 ට පෙර පැවති රට තුළ පැවති පාලනයම යළි දියත් වෙමින් තිබෙනවා. රාජපක්‍ෂ පවුල ශක්තිමත් කිරීමට රටේ ජනතාව ඡන්දය ලබාදී නෑ.

පරිසරය ආරක්‍ෂා කරන බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුව අද වනවිට රටේ සමස්ත පරිසරයම විනාශ කරමින් සිටිනවා. කුරුණෑගල, බුවනෙකබා රජතුමාගේ රාජසභා මණ්ඩපය විනාශ කිරීමේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක වූයේ නෑ. පුත්තලම ආනවිළුන්දාව තෙත් බිම් වනාන්තරය ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයින් විසින් විනාශ කරලා. නමුත් ඊට සම්බන්ධ දේශපාලඥයින් කිසිවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නෑ. ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය මැදින් මාර්ගයක් ඉදිකරමින් ඒ ලෝක උරුමය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. නමුත් පොලිසිය නිහඬයි.

පසුගිය මහමැතිවරණයෙන් සමගි ජන බලවේගයට ප්‍රබල විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට බලයක් ලැබුනා. එක්සත් ජාතික පක්‍ෂයට එක් මන්ත්‍රිධූරයක් හෝ ලබාගැනීමට හැකිවූයේ නෑ. ඒ අනුව අපත් සමඟ එක්වන ලෙස එහි ඉතිරිව සිටින පිරිසෙන් අප ඉල්ලා සිටිනවා. ඉදිරි මැතිවරණ සඳහා අප සමගි ජන බලවේගය ලෙස ඉදිරිපත්වනවා. අද වනවිට එක්සත් ජාතික පක්‍ෂයේ ලකුණ සහ ගොඩනැඟිල්ලක් පමණක් සහිත ස්ථානයක් බවට සිරිකොත පක්වෙලා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට