විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද අමාත්‍ය මණ්ඩලයට..
විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (02) දිනයේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව වාර්තා වේ. අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එමෙන්ම විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා යොමු කර ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසා සිටියි.