සත්‍යයේ පුවත් අඩහැරය….

19 වන ව්‍යවස්ථාවේ යම් යම් දුර්වලතා පවතින බව පිළිගත්තත් එය සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතුය යන ස්ථාවරය අප තුළ නෑ – සමගි ජන බලවේගය

Podu Jana Peramunaරට තුළ යහපත් තත්ත්වයන් රැසක් ඇතිකළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආරක්‍ෂා කිරිම සඳහා පෙළගැසෙන්නැයි මෙරට උගත්, බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කර සිටියි. අද (02) ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඇය මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පහත පරිදි තවදුරටත් සිය අදහස් දක්වන ලදී.

දේශපාලනික වශයෙන් රටට සිදුවු යහපත්ම යෝජනාව ලෙස 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැඳින්විය හැකියි. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් මෙරට මාධ්‍ය නිදහස ආරක්ෂා කළා. එසේ ආරක්‍ෂාවූ මාධ්‍ය නිදහසට යළි යම් යම් තර්ජන එල්ලකිරීමට අද වනවිට රාජපක්‍ෂවරුන් උත්සාහ කරමින් සිටිනවා. ඊයේ දිනයේදීත් මාධ්‍ය ක්‍රියාකාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තොරතුරු දැනගැනීම සඳහා තොරතුරු පනතක් ඇතිකිරීම සහ විගණන කටයුතු පිළිබඳව කටයුතු කිරීම සඳහා විගණන පනතක් ගෙන ඒමට කටයුතු කරමින් රාජපක්ෂ පාලන සමයේදී තනතුරකට පමණක් සිමාවූ විගණකාධිපති තනතුර, ගෞරවයක් සහිත විශාල සේවයක් සිදුකරන තනතුරක් බවට පත්කිරීමට ද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් හැකිවුනා. ප්‍රසම්පාදන පනත සහ ප්‍රසම්පාදන කොමිසම යහපාලන ආණ්ඩු සමයේ දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් හඳුන්වා දෙන ලද තවත් යහපත් යෝජනා ලෙස හැඳින්විය හැකියි. එම ආණ්ඩු සමයේ දී යම් යම් අර්බුද ඇතිවූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා නොවෙයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති යම් යම් ගැටළුකාරී තත්ත්වයන් මත රට නිසි ලෙස පාලනය කිරීමටත් ආණ්ඩුව පවත්වාගෙන යාමටත් නොහැකි වූ නිසයි එවැනි තත්ත්වයක් ඇතිවුනේ.

2015 වසරට පෙර පැවති සෑම මැතිවරණයකදීම පොලිතින් සහ අපේක්ෂකයින්ගේ බැනර් මඟින් පරිසරය විනාශ කිරීමට කටයුතු කළා. පසුව අධික වියදමක් දරා පරිසරය යළි පිරිසිදු කිරීමට සිදුවන තත්ත්වයක් පැවතුණා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවා ඊට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබාදීම නිසා 2015 න් පසු පැවැත්වූ සෑම මැතිවරණයක්ම පරිසරය විනාශයකට ලක්නොවී, අධික මුදලක් වැය නොකර පැවැත්වීමට හැකිවුනා.

ප්‍රජාතන්ත්‍රවාදී රටක් මෙන්ම දියුණුවෙමින් පවතින රටක් ලෙස මෙරටට වැදගත්වන්නේ මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී භාවයක් රට තුළ ඇතිකිරීමයි. මෙවැනි යහපත් තත්ත්වයන් රාශියක් සිදුකිරීමට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් හැකිවුනා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ යම් යම් දුර්වලතා පවතින බව පිළිගත්ත ද එය සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ අප නොසිටින අතර සිදුකළ යුත්තේ පවතින දුර්වලතා ඉවත්කර රටට ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වාදුන් මෙම ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කරගැනීමට කටයුතු කළයුතුයි.

2015 ට පෙර බලයේ සිටි සොරුන් නැවත පාර්ලිමේන්තුවට ගෙනඒමට ජනතාව විසින් කටයුතු කර තිබෙනවා. එවැනි ජනතාවක් රට තුළ සිටින තත්ත්වයක් තුළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කතිකාවක් ඇතිකිරීම විහිළුවක්. නමුත් උගත්, බුද්ධිමත්, යමක් අවබෝධකර ගත හැකි පිරිස් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂාකර ගැනීම සඳහා ඉදිරියට පැමිණිය යුතුව තිබෙනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් රට තුළ ඇති කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මාධ්‍යවේදීන් ද කටයුතු කළයුතුව තිබෙනවා. එය මාධ්‍යයේ වගකීමක්.

දිගින් දිගටම පරිසරය විනාශකිරීම නිසා මේ වනවිට රටේ ජල මුලාශ්‍ර 38% කින් පමණ පහළගොස් ඇති බව වාර්තාවනවා.

මෙහිදී මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා ද අදහස් දක්වන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට