සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුව රටේ ජාතික උරුමයන් විනාශ කරනවා – සමගි ජන බලවේගය ..

Podu Jana Peramunaරටේ ජාතික උරුමයන් ආරක්‍ෂා කිරීමට බලයට පැමිණ වත්මන් ආණ්ඩුව මහමැතිවරණයට පෙර සිටම රටේ ජාතික උරුමයන් සහ සංස්කෘතිය විනාශ කිරීමට කටයුතු කරමින් මේ වන විට මෙරට උරුමයන් මෙන්ම ලෝක උරුමයන්ද විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි බුවනෙකබා රජතුමාගේ රාජසභා මණ්ඩපය කුරුණෑගල නගරාධිපතිවරයාට අවශ්‍ය පරිදි ඩෝසර් කර විනාශ කිරීමට කටයුතු කළද එයට  සම්බන්ධව කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැති පුත්බතලම අනවිළුන්දාව රම්සා තෙත්පු පරිසර පද්ධතිය විනාශ කරමින් ඉස්සන් වගාව සඳහා භුමිය සකස් කළ පුද්ගලයින්ට ද මේ දක්වා නීතිය ක්‍රයිතාමක නොකිරිමටත්  සිංහරාජ වනාන්නත විනාශ කරමින් මාර්ගයක් ඉදිකරමින් මෙර උරුමයන් විනාශ කරන බවට හෙතම පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ අද (03) පෙරවරුවේ සමගි ජන බලවේග කාර්යාලයේ පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරමින් 20 වන සංශෝධනය සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් අමාත්‍ය මණ්ඩලයට 20 වන ව්‍යවස්ථාව ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ඇති නිසා  19 වන ව්‍යවස්ථාව තුළින් රටට යහපත් යෝජනාවන් ඉදිරිපත් කළ බැවින්අ එහි පවතින තාක්‍ෂණික දුර්වලතාවයන් නිසි ලෙස සකස් කරගනිමින් 20 වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවාද යන්න ආණ්ඩුවෙන් විමසා සිටින බව හෙතම මෙහිදි පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට