සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුව විසිවන සංශෝධනය ගෙනෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමටයි – සමගි ජන බලවේගය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව බලයට පත්වුවහොත් රට ඒකාධිපතිත්වයක් සහ මිලිටරි පාලනයක් කරා ගමන් කරන බව අප පසුගිය මැතිවරණ සමයේදී අවධාරණය කළ ද ඒ සම්බන්ධව තැකීමක් නොකළ බහුතර ජනතාවක් වත්මන් පාලකයින් බලයට ගෙන ආ අතර ආණ්ඩුව 2/3 ක බලය අයුතු ලෙස භාවිතා කරමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් ඒකාධිපති පාලනයක් කරා යාමට විසිවන සංශෝධනය ද බලාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (06) ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී මරික්කාර් මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් දක්වමින් මාධ්‍ය වෙත කරුණු අනාවරණය කරන ලදී.

මහබැංකු බැදුම්කර වංචාව පිළිබඳ චෝදනා එල්ලවීම, යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාගේ සහ ජනාධිපතිවරයාගේ දුර්වල පාලනය නිසා හටගත් අර්බුද හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා එකම පක්‍ෂයකින් පත්නොවිය යුතුයැයි ජනතාව අතර මතයක් ඇතිවීම වැනි කරුණු පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේදී සමගි ජන බලවේගය පරාජයට හේතුවුනා. ආණ්ඩුව ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කටයුතු කර තිබෙනවා.

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් මහතාව මහබැංකු අධිපතිවරයා ලෙස පත්කරන විට ශ්‍රී ලාංකිකයෙකු නොවන අයෙකු අදාළ තනතුරට පත්කළේ යැයි චෝදනා එල්ලකිරීමට එවකට විපක්‍ෂය නියෝජනය කළ වත්මන් පාලකයින් කටයුතු කළා. වත්මන් ආණ්ඩුව විසින් මේ වනවිට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් වෙනත් රටක පුරවැසිභාවයක් හිමි පුද්ගලයින්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව සලසාදී තිබෙනවා.

සී.වී. විග්නේෂ්වරන් මහතා පාර්ලිමේන්තුවට පැමිණ රටේ නීතියට එරෙහිවත් ප්‍රජාතන්ත්‍රවාදයට නොගැළපෙන ආකාරයටත් කටයුතු කරමින් සිටිනවා. එම තත්ත්වය ඉදිරියේදී වර්ධනය වනු ඇතැයි පෙනීයනවා. ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පහසු යැයි බැසිල් රාජපක්‍ෂ මහතා මේ වනවිට අවබෝධ කරගෙනදැයි යන්න ගැටළුවක්.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට