ප්‍රේමලාල් ජයසේකර අද පාර්ලිමේන්තුවට..
මරණ දඬුවම නියමවී මේ වනවිට බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද (08) දින පාර්ලිමේන්තුවට පැමිණ සිය මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමට නියමිතව ඇත. අභියාචනාධිකරණ තීන්දුවට අනුව ප්‍රේමලාල් ජයසේකර මහතාව මෙසේ අද දිනයේ පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතව ඇත. පාර්ලිමේන්තුව අද (08) පස්වරු 1.00 ට රැස්වේ. මෙම මාසයේදී පාර්ලිමේන්තුව පළමු වරට රැස්වන්නේ අද දිනයේදීයි. පාර්ලිමේන්තුව රැස්වීම අද පස්වරු 6.30 දක්වා පැවැත්වේ.