මිලියන 04 ක් වටිනා මත්පෙති තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් දැලේ..
මත්පෙති 18,900 ක් රැගෙන ලොරි රථයකින් ගමන් කරමින් සිටිය දී සැකකරුවන් දෙදෙනෙකු මෝදර ප්‍රදේශයේදී පොලීස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. අදාළ මත්පෙති තොගයේ වටිනාකම රුපියල් මිලියන 4 ක පමණ වන බව අනාවරණය වී ඇති අතර සැකකරුවන් අද (08) අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.