සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් කථානායකවරයා පාර්ලීමේන්තුවට කළු පැල්ලමක් එක්කලා, සමඟි ජනබලවේගය…

Podu Jana Peramunaප්‍රේමලාල් ජයසේකර මහතා සම්බන්ධයෙන් ලබාදෙන ලද අභියාචණාධිකරණයේ තීන්දුව පිළිබඳ අදහස් පළනොකරන අතර එම තීන්දුව අනුව මහාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුව අහෝසිවීමක් සිදුනොවන බවට ඊයේ (08) වන දින සමඟ ජනබලවේගය විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් දක්වන ලදි. මෙම මාධ්‍ය හමුව සඳහා ලක්ෂමන් කිරිඇල්ල, සරත් ෆොන්සේකා යන මහත්වරුන් සහභාගී වූ අතර විපක්ෂයේ විරෝධතාවය ද නොසලකා මරණ දඬුවම නියම වූ අයෙකුට කථානායකවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයක් ලෙස දිවුරුම්දීමට අවස්ථාව ලබාදුන් අවාසනාවන්ත දිනයක් ලෙස ඊයේ දිනය හැඳින්විය හැකි බවත් ලොව කිසිදු රටක මෙවැන්නක් සිදුව නොමැති බැවින් මෙය පාර්ලිමේන්තු ඉතිහාසයේ මකාදැමීමට නොහැකි කළු පැල්ලමක් ලෙස පෙන්වාදියහැකි බවයි.

යම් ගැටළු පැවතිය ද මෙරට පාර්ලිමේන්තුව පිළිබඳ ලොව රටවල් තුළ පැවති විශාල කීර්තිය මෙම සිදුවීමත් සමඟ පළුදුවූ බවත් 2010 වසරේ දී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවට ගෙනඒමට සූදානම් වූ අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 89 වන වගන්තිය යටතේ යම් දඬුවමක් හිමිවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට ඉබේම සිය ආසනය අහිමිවන බවට ජී.එල්. පීරිස් මහතා එහිදී ආණ්ඩුව වෙනුවෙන් තර්ක කර ඇති බව අදහස් දක්වන ලදි.

මරණ දඬුවම හිමිවූ අයෙකුට පාර්ලිමේන්තුවට පැමිණීම තුළින් පාර්ලිමේන්තුවේ සාරධර්ම විනාශවන අතර වෙනත් රටවල දේශපාලඥයින් අධිකරණ තීන්දු පැමිණෙන තෙක් නොසිට යම් චෝදනාවක් එල්ලවූ සැණින් සිය ධූරයන්ගෙන් ඉල්ලා අස්වන බවත් ජාත්‍රන්තර වශයෙන් ශ්‍රි ලංකාව කුණු බක්කියට වැටෙන තත්ත්වයක් ලෙස මෙම සිදුවීම් පෙන්වා දියහැකි බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉදිරිපත් කළ තර්ක එවක කථානායකවරයා විසින් පිළිගත්ත ද අද අප විසින් ඉදිරිපත් කරන ලද තර්ක වත්මන් කතානායකවරයා විසින් පිළිනොගත් බව එහිදී ලක්ෂ්මන් කිරුඇල්ල මහතා විසින් අවධාරණය කරන ලදි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට