සත්‍යයේ පුවත් අඩහැරය….

20 තුළින් අග්‍රාමාත්‍යවරයාව පඹයකු බවට පත්කරයි, සමඟි ජනබලවේගය…

Podu Jana Peramuna20 වන ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාව තුළින් අග්‍රාමාත්‍යවරයාව පඹයකු බවට පත් කර ඇති බව අද (09) දින සමඟි ජන බලවේගය විසින් මාධ්‍ය හමුවක් පවත්වා අවධාරණය කරන ලදි. මෙ මාධ්‍ය හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඉමිටියාස් බාකිර්මාකර් සහ වඩිවෙල් සුරේෂ් සහභාගී වී සිටි අතර විඩිදුරටත් අදහස් දක්වමින් ඉමිටියාස් බාකිර්මාකර් මහතා අවධාරණය කළේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සශෝධනය, සමඟි ජනබලවේගයේ හෝ පොදුජන එක්සත් පෙරමුණ අතර පවතින පටු අරමුණක් කරගත යුතු නොවන බවත් එය රටේ අනාගතය තීරණය කරන ලද කටයුත්තක් බැවින් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලද ලියවිල්ලක් වියයුතු බවයි. රටකට නව ව්‍යාවස්ථාවක් හදුන්වා දීමේදී එරට ජනතාවගේ අදහස් වලට විද්වතුන්ගේ අදහස් වලට ඇහුම්කම්දීමක් සිදු කලයුතු වුවත් මෙරට නව ව්‍යාවස්ථාව ඉදිරිපත් කරමින් සිටින අවස්ථාවක එසේ නොකර සිටින බවත් 19 වන ව්‍යාවස්ථා සංශෝධනය හදුන්වා දීමේදී මෙරට පුරවැසියන්ගේ සහ විද්වතුන්ගේ මතයට ඇහුම්කම් දී රට පුරා ගොස් එම සංශෝධනයට අදහස් ලබාගෙන එය සකස් කිරීමට කටයුතු කල බවත් එම ව්‍යාවස්ථාව ගෙන ඒමේදී එයට විරුද්ධවුයේ සරත් වීරසේකර මහතා පමණක් බවත් අනෙකුත් සියලූම පක්ෂ එයට සහයෝගය දීමට කටයුතු කළ බවත් එහිදි අවධාරණය කරන ලදි.

වත්මන් ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාව බලයට ගෙනඒමට විශාල දායකත්වයක් සහ විශාල මෙහෙයක් ඉටුකරන ලද වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙම 20 වන සංශෝධනය සම්මත වීම තුළින් කුමක් සිදුවේද යන්න විමසා ඇති අතර හදිසියේ හෝ එම ව්‍යාවස්ථාව සම්මත වුවහොත් අග්‍රාමාත්‍යවරයා පඹයකුසේ කටයුතු කිරීමටද සිදුවනු ඇති බවට සදහන් කර ඇත.

ජාත්‍යන්තර සඟරා තුළින් ශ්‍රි ලංකාව කැලෑ නීතියට යටත් වන ගෝත්‍රික දේශපාලනයකට ලක්වන රටක් බවට සදහන් කර ඇති බවත් මෙරට පුරවැසියන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරන රටක් බවට පත්ව ඇති බවට සදහන් කර ඇති අතර ඉදිරියේදීත් එසේ කටයුතු කළහොත් මෙරට ආර්ථිකයට කුමක්ද සිදුවනුයේද? මෙරට ආයෝජනය කිරීමට පැමිණෙන ආයෝජකයින්ට මෙරට අධිකරණය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති නම් ඔවුන් අපේ රට තුළ ආයෝජනය කරාවිද යන්න විශ්වාසයක් නොපවතින බවට අවධාරණය කරන ලදි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට