දිවයිනේ ජාතික පාසල් සංඛ්‍යාව 1000 ක් දක්වා වැඩිකිරීමට පියවර ගන්නවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
ප්‍රමාණයත් පහසුකම් කිසිවක් නොමැති, නමට පමණක් සීමාවී තිබෙන ජාතික පාසල් කඩිනමින් සංවර්ධනය කළ යුතු බවත් දිවයිනේ ජාතික පාසල් සංඛ්‍යාව 1000 ක් දක්වා වැඩිකිරීමට කටයුතු කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත. රාජ්‍ය අමාත්‍යවරුන් සමග ඊයේ (10) පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා විසින් මෙම අදහස් පළකර ඇත. මෙරට පාසල් පද්ධතියේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය කටයටුතු සිදුකිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අදහස් පළවී තිබේ.