මංතීරු නීතිය හෙට සිට යළි ක්‍රියාත්මකයි..
සතියේ දිනවල කොළඹ සහ තදාසන්න ප්‍රදේශය වල රථ වාහන තදබදය අවම කිරීමේ අමුණින් ක්‍රියාත්මක කරන ලද මංතීරු නීතිය හෙට (14) සිට නැවත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබේ. මෙම මංතීරු නීතිය කඩ කරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කරන ලෙසට පොලිස් නිළධාරීන් දැනුවත් කර ඇති අතර මාර්ග හතරක් ඔස්සේ මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ මහතා සඳහන් කරයි.