සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සෞභාග්‍යයේ දැක්ම ඉදිරිපත් කර බලයට පත්වූ ආණ්ඩුව රට අභාග්‍ය කරා ගෙනයමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත්කිරීම හරහා දේශපාලනය ඇතුළු වීම හේතුවෙන් මෙරට රාජ්‍ය සේවය මේ වනවිට දැඩි පිරිහීමකට ලක්ව ඇති බවත් ආණ්ඩුව සහ එහි නායකයින් හැසිරෙන ආකාරයෙන් එය මනාව පෙනීයන බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (30) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකල පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පහත පරිදි කරුණු දක්වන ලදී.

වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා විසින් වනජීවි නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිදුවීමක් අපි දුටුවා. එවැනි සිදුවීම් රට තුළ සිදුනොවිය යුතුයි. සංශෝධන සහිත නව ව්‍යවස්ථාවක් සමඟ අපගේ ජාතික විධායක සභාව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පළමුවරට පක්‍ෂ මූලස්ථානයේදී රැස්වනවා. 2021 වසර වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් දියත්කිරීමට පක්ෂය තීරණය කර තිබෙනවා.

තමන්ගේ ප්‍රකාශය නීතියක් ලෙස ක්‍රියාත්මක කළයුතු යැයි පසුගිය දිනෙක ජනාධිපතිවරයා ලග්ගල පැවති උත්සවයකදී ප්‍රකාශ කළා. එසේනම් රටකට ව්‍යවස්ථාවක්, නීති පද්ධතියක් හෝ චක්‍රලේඛ වැනි කිසිවක් අවශ්‍ය නෑ.

වත්මන් ආණ්ඩුව වැනි ආණ්ඩුවක් පැවති සෑමවිටම රාජ්‍ය සේවය හෑල්ලුවට ලක්වූ බව ඉතිහාසයේ සිටම දැකගැනීමට හැකිවුනා. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත්කිරීම සහ කැළණිය ප්‍රදේශයේදී රාජ්‍ය සේවකයෙකු ගස්බැඳීම වැනි සිදුවීම් යළිත් සිදුවෙමින් තිබෙනවා.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ, ශක්තිමත් සහ කාර්යක්ෂම කර මෙරට රාජ්‍ය සේවයට ගෞරවයක් ලබාදෙන බව සඳහන් කර තිබුනත් සිදුව ඇත්තේ එවැන්නක් නොවෙයි. රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම පමණයි සිදුව ඇත්තේ. ඒ අනුව රාජ්‍ය සේවය දණගස්වා, හෑල්ලු කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා.

2020 වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ විශ්‍රාම වැටුප් සහ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අහිමිකරමින් පසුගිය ආණ්ඩුව ලබාදෙන ලද වරප්‍රසාද එම සේවකයින්ගෙන් උදුරාගෙන ඇති වත්මන් ආණ්ඩුව කැළෑ නීතියක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. එම තත්ත්වය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කරන්නැයි මෙරට රාජ්‍ය සේවකයාගෙන් ඉල්ලා සිටිනවා. රාජ්‍ය සේවකයාගෙන් පළිගැනීමේ සහ රාජ්‍ය සේවය හෑල්ලුවට ලක්කිරීමේ කටයුතු වර්ධනය වෙමින් පවතිනවා.

පසුගිය ආණ්ඩුව සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කළවිට එවකට විපක්ෂය චෝදනා රැසක් එල්ලකළා. කොරෝනා වසංගතය හමුවේ එම ගිලන් රථ සේවයේ වැදගත්කම කෙතරම්දැයි දැකගැනීමට හැකිවුනා. එම සේවකයින් පවතින වසංගත අවදානම පවා භාරගෙන තක්සේරු කළ නොහැකි විශාල සේවයක් සිදුකළා. සුවසැරිය ගිලන් රථ සේවයේ සේවකයින් එක්ව සිය ගැටළු සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වූ බවට චෝදනා කරමින් සේවකයින් කිහිපදෙනෙකුගේ සේවය අත්හිටුවීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මෙම ගිලන් රථ සේවය ආරම්භ කළ දින සිට මෙතෙක් කිසිදු නඩත්තුවක් සිදුකර නෑ. එම සේවකයින් කර ඇත්තේ ඉල්ලීමක් පමණයි. ඒ අනුව අසාධාරණයට ලක්වූ සුවසැරිය ගිලන් රථ සේවයේ සේවකයින්ට සාධාරණයක් ඉටුකරන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටිනවා. මෙලෙස කටයුතු කරන්නේ සුවසැරිය ගිලන් රථ සේවය කඩාකප්පල් කිරීමටදැයි ආණ්ඩුවෙන් විමසනවා. රටට විශාල සේවයක් සිදුකරන මෙම ගිලන් රථ සේවය ශක්තිමත් කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

කොරෝනා වසංගතය හමුවේ රටේ විවිධ අංශ වෙත යම් යම් සහන ලැබුනත් ජාත්‍යන්තර පාසල් තුළ අධ්‍යාපනය ලබන සිසුන් ඇතුළු ඔවුන්ගේ දෙමව්පියන්ට කිසිදු සහනයක් ලැබිලා නෑ. කිසිදු ප්‍රමිතියක් නොමැති, නමට පමණක් ජාත්‍යන්තර පාසල් ලෙස හැඳින්විය හැකි මෙරට ජාත්‍යන්තර පාසල් කාර්තුවක් සඳහා සිසුන්ගෙන් විශාල මුදලක් අයකරනවා. පවතින වසංගත තත්ත්වය හමුවේ වසාදමා ඇති මෙරට ජාත්‍යන්තර පාසල් සිය සිසුන් ඇතුළු ඔවුන්ගේ දෙමව්පියන්ට කිසිදු සහනයක් ලබානොදී පැරණි ක්‍රමයටම සම්පූර්ණ ගාස්තුවම අයකරමින් සිටිනවා. අදායාම් කඩාවැටී තිබෙන තත්ත්වයකදී යම් සහනයක් නොදී එලෙස ගාස්තු අයකිරීම දැඩි අසාධාරණක්. නවීන තාක්‍ෂණය මඟින් ඉගැන්වීම් කටයුතු සිදුකරන බැවින් ගාස්තු අඩුකළ නොහැකි යැයි එම පාසල් පවසනවා. එම කටයුතු සඳහාද අසීමිත වියදමක් දැරීමට සිදුව තිබෙන නිසා පසුගිය කාර්තුවේ අයකිරීම කප්පාදු කිරීමට හෝ සාධාරණ, සහනදායී ගාස්තුවක් අයකරන්නැයි එම දෙමව්පියන් විසින් ඉල්ලීම් කර තිබෙනවා. ඒ අනුව ආණ්ඩුව, අධ්‍යාපන අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යවරයා මැදිහත්ව මේ සම්බන්ධයෙන් කටයුතු කළයුතුව තිබෙනවා.

මහර බන්ධනාගාරය තුළ ප්‍රචණ්ඩත්වය ඉස්මතුවූ ආකාරය දැකගැනීමට හැකිවුනා. කොරෝනා වසංගතය ආසාදනයවූ සිරකරුවන් සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් සිදුනොවීම හේතුවෙන් සිරකරුවන් අතර ඇතිවූ නොසන්සුන්තාවය තමයි මහර බන්ධනාගාරයේ සිදුවීමට හේතුව වුනේ. සිරකරුවන් කෙරෙහි බන්ධනාගාර නිලධාරීන්ගේ අවධානය මීට වඩා යොමුවිය යුතුයි. මෙම සිදුවීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා රටට සත්‍යය හෙළිකිරීමට ආණ්ඩුව කටයුතු කළයුතුයි. මෙවැනි ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට නොපොළඹවා කොරෝනා වසංගතය හමුවේ රැකවරණය වැඩිකර අනෙකුත් රැඳවියන් පිරිස හෝ ආරක්ෂා කරන්නැයි ඉල්ලා සිටිනවා. මෙවැනි සිදුවීම් මෙරට ප්‍රතිරූපයට සුභදායක නෑ.

සමගි ජන බලවේගයේ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන ඩයනා ගමගේ මහත්මිය එහි උප ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බැවින් නව නිලධාරී මණ්ඩලයට ඇය පත්වන්නේ නෑ. සමගි ජන බලවේගයට සහාය පළකරමින් සිටියත් 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් පිරිස සම්බන්ධයෙන් පක්ෂ ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි. ඒ අනුව සමගි ජන බලවේගයේ සාමාජිකයෙකු වූ ඩයනා ගමගේ මහත්මියට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. අනෙක් පිරිස් සම්බන්ධයෙන් ගන්නා පියවර මොනවාදැයි දන්වන්නැයි එම පකෂ වලින් ඉල්ලීම් කර ඇති නිසා ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නවා.

දිවි නැඟුම නඩුවෙන් බැසිල් රාජපක්ෂා මහතා නිදහස් වීම සම්බන්ධයෙන් තමන් කිසිදු අදහසක් පළකරන්නේ නෑ. නඩුත්, බඩුත් හාමුදුරුවන්ගේ කියලා තමයි කියන්න තිබෙන්නේ. මෙරට ආර්ථික වර්ධන වේගය පළමු වරට ඉලක්කම් දෙකක සෘණ අගයකට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාව වැනි රටකට එය ඉතා භයානක තත්ත්වයක්.

2015 දී බලයට පත්වූ ආණ්ඩුවට සම්බන්ධවී තමන් කටයුතු නොකළ බැවින් එම ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් පළකිරීමට කටයුතු කරන්නේ නෑ.

මෙම මාධ්‍ය හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් පාදුක්ක මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගිවී අදහස් පළකරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට